පාකිස්ථානයේදී 2021 දෙසැම්බර් 3 වනදා ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර ඝාතනය හා සම්බන්ධ සැකකරුවන්ට දඬුවම් ලබාදීම ආරම්භ කරමින් පාකිස්ථාන් අධිකරණයක් පසුගියදා එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයකුට වසරක සිර දඬුවමක් ලබා දුන්නේය. එහිදී අධිකරණය හමුවේ එම චූදිතයා චෝදනා ලබා සිටියේ ප්‍රියන්ත ඝාතනයේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙනි. අද්නාන් නම් මේ චූදිතයාට පාකිස්ථාන රුපියල් 10,000ක දඩයක්ද නියම කර තිබේ.