දුර­ක­ථ­න­යෙන් රක්ෂණ අලෙ­වි­යට වැට | සිළුමිණ

දුර­ක­ථ­න­යෙන් රක්ෂණ අලෙ­වි­යට වැට

ජංගම හා ස්ථාවර දුරකථන මඟින් සිදු කරන රක්ෂණ ඔප්පු අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවැත්විය යුතු බවට සියලුම රක්ෂණ සමාගම් වෙත ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබේ. මහජනතාවගෙන් ලද පැමිණිලි සලකා බැලීමෙන් පසු මේ තීරණය ගත් බව පවසන රක්ෂණ නියාමන කොමිෂන් සභාව ගනුදෙනුකරුවන්ට පවසා සිටින්නේ දුරකථන වෙත පැමිණෙන හෝ ඇමතුම් මඟින් සිදු කරන රක්ෂණාවරණ ලබා ගැනීමෙන් වළකින ලෙසයි. මේ වන විටත් දුරකතන ජාල මගින් රක්ෂණාවරණ ලබා ගෙන ඇත්නම් එම රක්ෂණාවරණයට අදාළ රක්ෂණ ඔප්පුව තහවුරු කරගන්නා ලෙස දන්වයි.

Comments