දින 19ට සංචා­ර­ක­යන් 51,583ක් ඇවිත් | Page 2 | සිළුමිණ

දින 19ට සංචා­ර­ක­යන් 51,583ක් ඇවිත්

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට 19 දක්වා වූ කාලය තුළදී විදේශ සංචාරකයන් 51,583ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 8,816කි. එමෙන්ම ඉන්දියා­‍ෙවන් 8,073ක්ද යුක්රේනයෙන් 5,087ක්ද මහා බ්‍රිතාන්‍යයෙන් සංචාරකයන් 4,417ක්ද පැමිණ තිබේ.

යුරෝපා රටවලින්ද මෙරටට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් තිබෙන බව පෙන්වා දෙන අධිකාරිය පවසන්නේ ජර්මනියෙන් 3,202ක් හා ප්‍රංශයෙන් සංචාරකයන් 2,171ක්ද පැමිණ ඇති බවයි.

මාලදිවයිනෙන් 1,911ක් ද ඕස්ට්‍රේලියාවෙන් 1,904ක් පෝලන්තයෙන් 1,729ක් හා ඇමරිකාවෙන් 1,161ක්ද සංචාරකයන් පැමිණ තිබේ.

වෙනත් රටවලින් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 13,112කි. 2021 වසරේ සංචාරකයන් 194,495ක්ද 2020 වසරේ 507,704ක්ද පැමිණ ඇති අතර 2019 වසරේ පැමිණි සංඛ්‍යාව 13,13,702කි.

Comments