ජපන්-ලංකා 70 වසරක සබ­ඳ­තාවයට සැමරුම් සැම­රුම | සිළුමිණ

ජපන්-ලංකා 70 වසරක සබ­ඳ­තාවයට සැමරුම් සැම­රුම

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් විදේශ අමාත්‍යාංශය සහ ජපාන තානාපති කාර්යාලය එක්ව පසුගියදා සසකාවා මධ්‍යස්ථානයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

(සටහන - ටිරෝනි වෑවලගේ)

Comments