අග්‍රා­මාත්‍ය ලේකම් රාජ­කාරි අර­ඹයි | සිළුමිණ

අග්‍රා­මාත්‍ය ලේකම් රාජ­කාරි අර­ඹයි

අගමැති ලේකම් ලෙස අභිනවයෙන් පත්වූ ඩී.එම්. අනුර දිසානායක අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ජනවාරි 20 වැනිදා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය. අගමැති මහින්ද රාජපක්ෂයන් හමුවේ සිය පත්වීම් ලිපිය සංකේතාත්මකව ලබාගත් අවස්ථාව මෙහි වේ. ජ්‍යෙෂ්ඨ සහ විශිෂ්ටතම පරිපාලන නිලධාරියකු වූ අනුර දිසානායක මෙයට පෙර වාරිමාර්ග, උසස් අධ්‍යාපනික තාක්ෂණය සහ නවෝත්පාදන, මහවැලි සංවර්ධන හා පරිසර, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ කිහිපයකම ලේකම් ධුරය හෙබවීය. ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙසද හෙතෙම කලක් කටයුතු කළේය.

 

 

Comments