සලකුණ | සිළුමිණ

සලකුණ

චන්දන විජ්කොන්ගේ

‘නවලෝකය‘ එළිදැක්වීම 26 දා

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකෝන් සම්පාදනය කළ ‘වාම සන්නිවේදනයේ පුජය උඩුකැන්දවල සිරි සරණංකර හිමි භුමිකාව, ‘නවලෝකය‘ ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 26 වනදා සවස 3.00 ට කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහිදි ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ යන අය දෙසුම් පවත්වති.


කුමාර හෙට්ටිආරච්චිගේ

කවි පොත් එළිදැක්වීම

23වැනිදා ගාල්ලේදී

කාව්‍ය ග්‍රන්ථ 08 ක් දොරට වැඩීමේ “සිව් මංසල“ සාහිත්‍ය කලා මහෝත්සවය 23 ඉරිදා සවස 2.30 ට ගාල්ලේ ආරාධනා උත්සව ශාලාවේ දී පැවැත්වේ. රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අංශාධිපති මහාචාර්ය දර්ශන ලියනගේ මුලසුන හොබවන මෙහිදි ප්‍රවීණ කිවිවර කුමාර හෙට්ටිආරච්චි ගේ අභිනව කාව්‍ය ග්‍රන්ථ 04 ද, කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වන හිමාලි වීරක්කොඩි, ඉරෝෂා ප්‍රසාදී සහ දිලීජ උදාර පීරිස් ගේ කාව්‍ය ග්‍රන්ථයන් ද ජනගත කෙරේ. කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුධීර ජයවීර සහ කිවිවර සමන් විජේසූරිය දෙසුම් පවත්වති.


නිලංක ඇලෙක්සැන්ඩර් ගේ

‘ජගන්‘ 30දා ජනගත වේ

නිලංක ඇලෙක්සැන්ඩර් ගේ පළමු නවකතාව ‘ජගන්‘ මෙ මස 30 දා පස්වරු 2ට ගම්පහ හේනේගම ඝෝෂා හිදී ජනගත වීමට නියමිතය. වීරයන් මරා දැමූ බිමක ගිනිගත් නගරයක නොමැකුණු දුමාරයක බොඳ වුණු ජීවිත පිළිබඳ ආවර්ජනයක් මෙහි දී සිදු කිරීමට නියමිත ය. මෙහි ප්‍රධාන දේශනය සිදු කරනු ලබන්නේ පුබුදු ජාගොඩ විසිනි.

Comments