සතියේ කවිපොත | සිළුමිණ

සතියේ කවිපොත

කෘතිය - ඒ අසිරිමත් නොනගතය

කර්තෘ - බුද්ධදාස ගලප්පත්ති

මිල - රුපියල් 300/= පිටු - 56

විමසීම් - 0777 767508

සුරස ප්‍රකාශනයකි.

දශක පහක් තිස්සේ කවිම පමණක් නොව තවත් බොහෝදැ ලියූ අදටත්. මේ මොහොතේදීත් කුමක් හෝ ලියන බුද්ධිගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය ‘ ඒ අසිරිමත් නොනගතය‘ යනුවෙන් නම් කර ඇත. ඔහු කවි ලියන්නේ අද ඊයේ සිට නොවේ. ඔහුගේ මුල්ම කාව්‍ය සංග්‍රහය තුන් හවුල් පොතකි. එනම් සුනිල් ආරියරත්න ජයලත් මනෝරත්න හා සමඟ එක්ව එළිදැක්වූ දොළොස් මහේ පහන කාව්‍ය සංග්‍රහයයි . මේ පොත පිටවන්නේ 1971 වසරේදීය. එතැනින් ඇරඹි බුද්ධිගේ ගමන අද වන විට කවි පොත් එකොළහක් දක්වා දුර පැමිණ තිබේ.

ඔහු ලියන්නේ ඔහුට ඕනෑ විදිහටය. මේ කවි පද හිතුවක්කාරය. එසේ කියන්නට ඔහුගේ කවි තුළින්ම හේතු හමුවේ.

අද නම් දෙදෙනෙකු විශේෂයෙන්ම පෙම්වතියක හා පෙම්වතකු සිනමා ශාලාවට යන්නේ සිනමා පටය නැරඹිමටත් වඩා තමන්ගේම ලොවක තනිවන්නටය. මේ පද කියවීමේදී වර්තමානයේ සිනමා ශාලාවල් තුළ ‘බැල්කනියට‘ හිමිව ඇති තැනද අපට සිතා ගන්නට හැකිය. මාතෘකාව ‘පෙම්වතියගේ පිළිතුර‘.

‘ බැල්කනියට යමු ද‘

පෙම්වතා අසයි

‘බෑ‘

පෙම්වතියගේ පිළිතුර

‘ඇයි‘

පෙම්වතා අසයි

‘මට ඕන ෆිල්ම් එක බලන්න‘

පෙම්වතියගේ පිළිතුර

නිරෝධායනය අපට අලුත් දෙයක් නොවේ. මන්ද අතීතයේ සිටම බෝවන රෝග සැදුන විට ඒ පුද්ගලයා නිවසෙහි කාමරයක තනි කර ඔහුට අවශ්‍ය දෑ සපයමින් ඔහුට නිවාඩු පාඩුවේ ඉන්න ට දුන් බැවිනි. ඒ එසේ කළේ දෙයියන්ගේ ලෙඩ සෑදුන විටය. එමෙන්ම ඒ වෙනුවෙන් කරනු ලබන වත් පිළිවෙත් ද ගැමි ගෙවල් වල තිබිණි. නමුදු වර්තමානයේ ලෝකයම ගිලගත් කොරෝනා වයිරස් උවදුර නිසා අද මිනිසුන් ජීවත් වන්නේ බියෙනි. මේ ගෙවුණ කාලය තුළ ලෝකයේ මිය ගිය සංඛ්‍යාව මිලියන ගණනකි. ජීවිතයේ හුදකලා බව, මරණයේ වේදනවා වැඩි වැඩියෙන් මිනිසුන්ට දැනෙන්නට වුයේ කොරෝනා වසංගත තත්වයත් සමඟය. මෙවන් වටපිටාවක් යටතේ කොරෝනා වසංගතයට ගොදුරු වීම නිසා හුදකල වීමට සිදු වූ අයෙකුගේ සිතුවිලි කවියා අපට කියන්නේ මෙසේය.

දෙසතියක් ගෙදරන් බැහැරව සිටි දරුවන්ගෙන් බිරිඳගෙන් ඈත් වී ගෙවු කාලය අවසන යළිත් කුමක් වේදැයි සිතා ගන්නට බැරි දෙගිඩියාවකින් දවස ගෙවන්නෙකුගේ සිතුවිලි කවියා ලියන්නේ මෙලෙසිනි. මාතෘකාව නිරෝධායන කවි.

අනේ දෙවියනේ මට වුණ වියෝයා

අඳුරු ලොවක ඉන්නට සිදු වුනේ යා

නෙතට නො එන කඳුළින් හද පිරේයා

දින ගනිමින් ඉන්නට සිදු වුණේයා..

සතර දිසාවෙන් ඇසෙනා දුක් පුවත

නැසෙන ලෙසින් ඉන්නට හැකිවෙද කෙලෙස

ලොවම වසා ගෙන පැතිරි යන විපත

නිමවන දිනක් දැන ගන්නේ කෙදින..

ගෙවා අඳුරුදෙසතිය දුක සිත පිරුණ

පියා සලමි දූ දරුවන් වෙත තුටින

ඉමක් කොනක් නොපෙනන මේ දිගු සසර

යළිත් සිර ගෙයක් වේදැයි සිත බියෙක..

මේ කොරෝනා සමයේ මිනිසුන්ට ඇති දහසකුත් ප්‍රශ්න මොනවා දැයි එකින් එක දැනෙන්නේ තමන්ද ආසාධිතයකු වූ විටය. තම වට පිටාව මහලු දෙමාපියන්, තම

දරුමල්ලන් පමණක් ම නොව නිවෙසේ ඇති කරන

සුරතල් සතුන් නිසා ද යම් අපහසුතාවයන් වලට පත් වුවෝ බොහෝය. කොහොම නමුත් මෙයි කියැවෙන්නේ වයෝ වෘද්ධ පුද්ගලයකු තමන්ගේ තනි නොතනියට සිටින සුරතල් සතුන් තනිකර දමා යෑමට ඇති හේතු කියක අයුරුය.

මාතෘකාව ‘අසාදිතයාගේ ප්‍රශ්නය‘. වසංගතය හා දිගින් දියට ඇඳි ගිය නිර්මාණ කිහිපයක් අතුරෙන් හමු වූ මේ කවිය මනුස්සකම ගැන යැයි කීවාට වරදක් නැත. සියල්ලෝම සොයන්නේ ජීවිතයයි. බොහෝ කරදර බාධක මැද්දෙන් පිච්චි පිච්චි ජීවතය සොයන්නි ඇයයි. සිය දරුවා දමා ‘රැකියාව‘ට එහෙමත් නැත්නම් පොරොන්දු කඩකිරිමට ඇති අකමැත්ත නිසා ඔහු සොයා පැමිණි ඇයගේ කතාවයි මේ. මාතෘකාව ‘කිරි සුවඳ.‘

‘ඔයා ළඟ කිරි සුවඳයි පද්මා‘

‘ඔව් සර් පොඩි එකිට

කිරි දුන්න ගමන් මම දුවගෙන ආවේ

සර්ට පොරොන්දු වුණ නිසා‘

‘අපි යමු පද්මා‘

‘සර්ර්‘

ඔව් අපි යමු

ඔයා දරුවා ළඟ ඉන්න

මම පස්සේ දවසක කතා කරන්නම්

මෙන්න ඔයා ට සල්ලි

මෙතැන වැඩිපුරත් ඇති‘

‘අනේ සර්ර්‘

ඇයට හැඬිණ“

ගෙදර හැරුනු විට බාල වියේදී ගුරුවරිය තරම් සිතට සමිප වෙන කිසිවෙක් නැති තරම්ය. පන්තිභාර ගුරුතුමිය තමන්ගේ හොදම යෙහෙළිය යැයි කියා සිතන පොඩිත්තෝ අද ද අපට හමුවේ.

මේ පාසලේ පොඩිත්තන් ගුරුවරිය දකින ආකාරයයි. මල් මල් සාරි අඳින ගුරුවරියගේ සාරියේ මල් ගනින්නට, අගේ කොණ් හැඬ බලන්නට, ආස දරු දැරියෝ මේ කොරෝනා කාළයේ ඇයට ළං වන්නේද පරිස්සසෙමිනි. ඒ කොහොම වුණත් පාසල් නොපැමිණි ගෙවුණ කාලය පිළිබද ගුරුවරියට ඇ්තතේ ද කනගාටුවකි. සැබෑව නම් ඇයට පොඩි උන්ට මුහුණ දෙන්නට ඇත්තේ දෙගිඩියාවකි. කලෙකින් නොදැක්ක ගුරුවරිය දුටු විට දරු දැරියන් තුළ ඇත සතුට දෝරෙ ගලයි.

ඔවුහු ඇය ගෙන් බොහෝ දේ විමසයි. අරගල කළ ගුරුවරියට පාසලේ අහිංසක දරු දරියන්ගේ මුව දුටු විට නැගෙන්නේ කණගාටුවකි. එය පශ්චත්තාපි හැඟිමකි. මේ තමයි නියම ගුරුවරියකගේ සිතුවිල්ල. කවියා අපට කියන්නට උත්සාහ දරන්නේ එයයි.

“මල් උයන් දකින්නෙමි

දුරින් සිට වුවත්

මල් සුවඳ විදින්නෙමි

වැසුණු මුව වැස්ම යට

කිරි සිනා දකින්නෙමි

‘ආයුබෝවන් ටීචර්‘

“මාලෙත් බෙල්ලේ බැඳගෙන

මම එන්නම් එදාට

ඔයාලට ලස්සන සින්දුවකුත් අරගෙන

එන්නම් මම ඉක්මනට ම

එදාට

අපි ඔක්කොම සින්දු කියමු

වෙනදා වගේම...“

ඒ තමයි පොඩිත්තන්ගේ ආදරණිය ගුරුවරිය.

“ඒ අසිරිමත් නොනගතය“ කාව්‍ය සංග්‍රහය තුළින් බුද්ධි ගෙන එන්නේ හදවතට කතා කරන නිර්මාණ ගොන්නකි.

මේ නිර්මාණ තුළ අපට හමු මානව දයාවෙන් පිරුණ සමාජය දෙස දයාවෙන් බලන සංවේදී කවියෙකි.

Comments