පුවත් | සිළුමිණ

පුවත්

අධි වේගයේ වේගවත්ම ධාවකයා පසිඳු

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිරාන් පසිඳු අධිවේගී පාපැදි ධාවන තරගයෙන් පළමු ස්ථානය දිනා ගත්තේ ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංජු දිමන්ත දෙවැන්නා වු අතර ෆන් බී ක්‍රීඩා සමාජයේ චාමික සඳුන්ට තෙවැනි තැන හිමිවිණි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍ර ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 270 ක ගේ පමණ සහභාගීත්වය ඇතිව ක්‍රීඩා අමාත්‍යාංශයේ හා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය සහිතව ලොව ප්‍රථම අධිවේගී පාපැදි තරගය පසුගියදා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනසතු කිරීම උදෙසා සංවිධානය කර තිබිණි.

 

ඔලිම්පියන්ස් මුල් පුටුව ශ්‍රියානිට

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඹලිම්පික් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා ඹලිම්පියන්ස් සංගමයේ නව සභාපතිනිය ලෙස ශ්‍රීයානි කුලවංශ තේරී පත්වූවා ය.

ලේකම් ධුරය සඳහා සුගත් තිලකරත්නත් උප සභාපතිනිය වශයෙන් දමයන්ති දර්ශාත් තේරී පත්වූ අතර භාණ්ඩාගාරික ධුරයට පත්වූයේ නිම්මිද සොයිසා ය.

 

විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරගයක් හෙට අනුරපුරයේ දී

සමස්ත ලංකා විවෘත ස්ටෑන්ඩඩ් පිරිමි පා පැදි තරගය හෙට අනුරාධපුර ගුවන් තොටුපළ මාර්ගයේ දී පැවැත්වේ. ශෙහාන් සේමසිංහ අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ගුවන් තොටුපොළ මාර්ගය කඩ 12, දහයියාගම හන්දිය, තලාව ඔස්සේ යාපනේ හංදිය, කවරන්කුලම හරහා නැවත අනුරාධපුර ගුවන්තොටුපළ පාර අසලින් අවසන් කෙරේ. එහි මුළු දුර කිලෝමිටර් 140 ක් වන අතර පළමු දෙවැනි හා තෙවැනි ස්ථානයන් වෙනුවෙන් පිළිවෙලින් 100000, 75000, හා 50000, මුදලින් ත්‍යාග වශයෙන් ප්‍රදානය කෙරේ.

අර්ධ මැරතන් තරගය අද

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට වසර 100 ක් සැපිරිම නිමිත්තෙන් සංවිධානය කරන ‘සියවස් අර්ධ මැරතන් තරගය‘ අද (23) දියත උයන පරිශ්‍රයේදී පැවැත් වෙයි. මේ සඳහා දකුණු ආසියාතික රටවල් කිහිපයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගි වීමට නියමිතය.

සුපර් ලීග් ක්‍රිකට් හෙට සිට

ශ්‍රී ලංකා ක්‍රිකට් නවමානයකට ගෙන යාමේ අරමුණ පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලිය හෙට (24) ආරම්භ වෙයි. ඊට එක්වන කණ්ඩායම් පහේ නායකයන් ලෙස දසුන් ශානක, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, අෂාන් ප්‍රියංජන් සහ කමිඳු මෙන්ඩිස්ට නම්කර ඇත.

ගීෂා මුණසිංහ

මේස පන්දු අයදුම්පත් කැඳවේ

දීපව්‍යාප්ත TIBHAR මේස පන්දු ශුරතාව මේ මස 28,29 සහ 30 දිනවල බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ. 16 වන වරට පැවැත්වෙන මෙම තරගාවලිය කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වීමට නියමිත අතර වැඩි විස්තර සභාපති බී.විතානාච්චි, TIBHAR ක්‍රීඩා සංගමය, 259/5A, සෙත්සිරි මාවත, තලංගම උතුර , බත්තරමුල්ල දු.ක.0714913775/ 0718278155 මගින් ලබාගත හැකිය.

 

ප්‍රවීණ මලල ක්‍රීඩා අයැදුම්පත් 01 දා අවසන්

 

ප්‍රවීණයන්ගේ 35 වැනි වාර්ෂික මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් පෙබරවාරි 01 වැනි දා දක්වා අයදුම්පත් භාරගන්නා බව ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය පවසයි. අවු.30 සිට අවු.105 දක්වා වයස් කාණ්ඩ වෙනුවෙන් මෙම තරගාවලිය පැවැත්වෙන්නේ පෙබරවාරි 19 හා 20 යන දිනයන් හි දී ය.

අයදුම්පත් යොමුකළ යුතු ලිපිනය වනුයේ, එම්.ඩබ්ලිව්.පී. බණ්ඩාරනායක, තරඟ ලේකම්,78/1, ශාන්ත මරියා පාර, නිරිපොල ,හංවැල්ල. දුරකථන 071 343 2 453, 0362 254 157 විද්යුත් තැපෑල [email protected]

 

උදුලා පීරිස් 

Comments