කොරෝනා ලොවෙන් තුරන්වන කාලය උපකල්පනය කළ නොහැකියි - WHO | සිළුමිණ

කොරෝනා ලොවෙන් තුරන්වන කාලය උපකල්පනය කළ නොහැකියි - WHO

කොරෝනා වසංගතය ලොවෙන් තුරන්වන කාලය උපකල්පනය කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
 
වසංගතය මින් පෙර අපේක්ෂා කළ කාලසීමාව ද ඉක්මවමින් මේ වනවිට ගෝලීය වශයෙන් පැතිර යන බව එම සංවිධානය ප්‍රකාශ කළේය. "ඔමික්‍රෝන්" ප්‍රභේදය විශ්මිත වේගයකින් ලොව පුරා පැතිර යමින් පවති.
 
ඉකුත් සතියේ පමණක් මිලියන 18 කට අධික කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් වාර්තා විය. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජර්මනිය ඇතුළු ලොව බොහෝ රටවල ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ ගියේය. 
 
කොරෝනා රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන්, එම රටවල සෞඛ්‍ය සේවා පද්ධති පෙර නොවූ ලෙස දැඩි පීඩනයකට ලක්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සදහන් කරයි.

Comments