බල­ශක්ති අර්බු­දය ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | Page 2 | සිළුමිණ

බල­ශක්ති අර්බු­දය ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1. ඇත්ත වශයෙන්ම නැහැ. එසේ වීමට හේතුව මේ සාධකයන් විතරක් නොවෙයි. විනිමය හා ණය ප්‍රශ්නය මතුවෙන්නේ ඉන්ධන ලබාගැනීමේදි පමණයි. ලංකවේ විදුලි ජනනය පිළිබඳව මූලික ප්‍රශ්නයක් තියනවා; අපේ විදුලිබල උත්පාදන ආකෘතිය පිළිබඳව ජාතික එකඟතාවක් නැහැ. ජාතික එකඟතාවක් නැති නිසා එක් එක් ආණ්ඩු එක් එක් ආකාරයට විදුලි උත්පාදනය පිළිබඳ මාස්ටර් ප්ලෑන් එක නිතර වෙනස් කරනවා. රටක් විදිහට අපි විශේෂයනේ විදුලි බල උත්පාදනය හා බෙදා හැරීම සම්බන්ධයෙන් වූ ජාතික වැඩසටහනක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි. එයයි මේ ප්‍රශ්නයට විසඳුම. එසේ නොවන තෙක් එක් එක් ආණ්ඩු විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් එක් එක් ආකෘති සකස් කිරීමෙන් මේ ගැටලුව උද්ගත විය හැකියි. අපිට අද වෙලා තියෙන්නේ ඒ ගැටලුවයි. නිදහසින් පසුව විශේෂයෙන් ම 1978 දී ජල විදුලි බලාගාර ආරම්භ කළ පසුව හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ ඒ රජය සමයේදී නොරොච්චෝල බලාගාරයක් ඉදි කළා. එවැනි විශාල බලාගාර පිළිබඳව ජාතික ප්‍රතිපත්ති නොමැති වීම විශාල ගැටලුවක්.

2. ඇත්ත වශයෙන්ම විකල්ප සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ජලවිදුලි පිළිබඳව විශාල කාලයක සිට කටයුතු කරමින් පවතිනවා. ලංකාවේ විදුලි බල උත්පාදනයේ 25% හෝ 30% ප්‍රමාණයක් ජල විදුලියෙන් උත්පාදනය වෙනවා. ඊට අමතරව මහා පරිමාණයෙන් ජලාශ හදනවාට සමාන්තරව පොල්ගොල්ල ඇලහැර වික්ටෝරියා රන්දෙණිගල ජලාශයෙන් සියලු තැන්වලින් විදුලිය උත්පාදනය කරනවා. පසුකාලීනව හිරු එළියෙන් වාතයෙන් සහ සුළඟින් විදුලි බලය නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තියෙනවා. රටක් විදිහට අපි පුනර්ජනනීය බලශක්තිවලට අවධානය යොමු කරලා නැහැ කියන දේ නොවෙයි ගැටලුව; අවධානය යොමු කරලා තියෙන ප්‍රමාණයේ අඩුවක් තියෙන්නේ. එයට හේතුව පුනර්ජනනීය කිරීමට පෙර කරන වියදමට යොදා ගන්න විදුලිය බල උත්පාදනයේ අවශ්‍යතාවන් හඳුනාගත යුතුයි. එහිදී ඉක්මනින් විදුලිය ලබා දිය යුතු ස්ථාන හඳුනාගෙන කටයුතු කළ යුතුයි. විකල්ප බලශක්තියට අවධානය යොමු නොකිරීම නොවෙයි; අවධානයේ ප්‍රමාණයට සහ වේගයට වඩා වැඩියෙන් විදුලිය අවශ්‍යතාවය වැඩි වීමයි.

3. ඇත්තටම අපේ ජල විදුලිය සම්බන්ධයෙන් 30%ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒවගේම සූර්යය තාප විදුලි බලය නිෂ්පාදනයට අපිට විශාල ඉඩක් තියනවා. අනෙක් රටවල්වලට තෙල් තියෙනවා. අපිට අවුරුද්දේ තුන්සිය හැටපස් දවසේම ඉර තියනවා. ඉර එළිය එකතු කර ගැනීම විශාල ප්‍රශ්නයක්. ඇත්තට ම සූර්යය බල ශක්තිය නිර්මාණය කර ගැනීමේ ප්‍රධාන ගැටලුව මෙය එකතු කර ගැනීමේදී ඇති ගැටලුවයි. ඇත්ත වශයෙන්ම විසුරුණු බලයක් ලෙසයි සූර්ය බලය තියෙන්නේ. එහිදී එය එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස පැනලයක් සවි කිරීම වැදගත් වෙනවා. මේ සඳහා ඉඩකඩම්වල සූර්ය තාප සවි කරනවාට වඩා එයට අදාළ පැනල් සවි කරගැනීම වැදගත් වෙන්නේ. එය හඳුන්වා දීමේදී විශාල මුදලක් වැයවන නිසා බොහෝවිට ඒ සඳහා බොහෝ පාර්ශ්වයන් මැළිකමක් දක්වනවා. එහිදී අපි කළ යුතු දෙයක් සූර්ය තාපය පිළිබඳව ඇති ඉඩකඩ තවත් පුළුල් කිරීමයි.

4. එහෙම නැහැ. ඛනිජ තෙල් මත ගොඩනඟන විදුලියට විශාල වියදමක් කරන්න වෙනවා. විශේෂයෙන් ම ඒ බලය නිෂ්පාදනය කිරීමේදී කඩිනම් විමෙනුයි අපිට එහි උපයෝගිතාවය සහ වාසිය තියෙන්නේ. තෙල් මත දුවන කර්මාන්තවල විදෙස් විනිමය උපයන කර්මාන්තවල ආදායම් ගැටලුවක් පැමිණිය හැකියි. අපනයන ආදායම් ප්‍රශ්නයක් එයින් එනවා. ඇත්තටම රටක ප්‍රධාන ආර්ථික සැලසුම්කරණයට මේ විදුලිබලය උත්පාදනය කිරීම ප්‍රධාන කොටසක්. මහාමාර්ග විදුලිය බලය සහ සන්නිවේදනය අවශ්‍යයි. මාර්ග සන්නිවේදන සහ විදුලිබල යටිතල පහසුකම් අත්‍යවශ්‍යයි. එහිදී විදුලි බලය අපේ රටේ 1977න් පසුව විශාල සංවර්ධන ක්‍රියාවලින් රජයන් විසින් ගේනවා. ඒ ගේන ප්‍රමාණයන්ට සාපේක්ෂ ව යටිතල පහසුකම් පිළිබඳව හිතන්නේ නැහැ. පාරවල් විදුලිය නැති තැන්වල කර්මාන්ත ගොඩනඟලා වැඩක් නැහැ. මේ විදුලිය සංවර්ධනයේ වේගයත් සමඟ සමගාමීවයි සිදු කෙරෙන්නේ. ඊළඟ වසර පහ තුළ රට සංර්ධනය කරන්න යනවා. ඇතැම් ව්‍යාපෘති සඳහා සංවර්ධනයට අවශ්‍ය කරන විදුලි බල පිරිවැය කොපමණද කියලා බලලා එයට සමාන්තරව විදුලි උත්පාදනයක් සමඟයි සිදුකළ යුතු වන්නේ.

5. විදුලි බලය පැති කිහිපයකින් අත්අඩංගුවට පත්වී තියනවා. එක් අතකින් තාක්ෂණවේදීන්ගේ අත්අඩංගුවේ පවතිනවා. තවත් පැත්තකින් විදුලි උත්පාදනය කරන පෞද්ගලික බලාගාර හිමියකන්ගේ අත්අඩංගුවේ පවතිනවා. එමෙන්ම ඇතැම් අවස්ථාවලදී මේ අත්අඩංගු තුනම බලපෑම් කරන්නේ අහිංක පාරිභෝගිකයන්ටයි. මේ තුනම ඉතාම වැදගත් වන නිසා සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවයන්ට ඒම අවශ්‍යයි. ඒ නිසා සියලු පාර්ශ්වයන්ගේ සියලු මතවලට ගරු කළ යුතු වෙනවා. ඉජිනේරුවන් විදුලිබල ජනක යන්ත්‍ර අයිතිකරුවන් සහ දේශපාලන අධිකාරියත් සමඟ සමගාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳිය විය යුතු වෙනවා.

 

 

1. පැහැදිලිවම එයයි හේතුව. එක එක අය බලාගාර හදපු නැති කතා කියනවා. නමුත් ඒ සියලු කතා ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ විනිමය සහ ණය ප්‍රශ්නය ආසන්නතම හේතු වෙනවා. ඛනිජ තෙල් බලාගාර ක්‍රියාත්මක කරන්න විදිහක් නැහැ මේ වේලාවේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ගල් අඟුරු බලාගාර එකක් කැඩිලා තියෙනවා. විදුලි බලය අවුරුද්දක් ක්‍රියාත්මක කරන්න ගල්අඟුරු ටොන් විසි දෙලක්ෂයක් ඕන. දැනට තියෙන්නේ ටොන් පන්ලක්ෂයක් පමණයි. ගල්අඟුරු හිඟයට හේතුව ණය වර ලිපි නිකුත් කළාට විදෙස් බැංකු ඒවා ස්ථිර කරන්නේ නැහැ. ඩීසල් පෙට්‍රල් නැව් සමාගම්වලට වුණේ ඒ හේතුවයි.

2. එහෙම එකක් නැහැ. අපේ රටේ විකල්ප බලශක්ති පිළිබඳ අවධානය යොමු කරලා තියනවා. අදාළ ඇමැතිවරයා ලෙස මම කටයුතු කරන අවස්ථාවලදී අපි හඳුන්වා දුන්නා විවිධ ක්‍රමවේදයන්. ඒ අනුව 2010 සී එෆ්එල් විදුලි එල්ඊඩි බල්බ හඳුන්වා දුන්නා විදුලි බලය ඉතුරු කරන්න. සංරක්ෂිත භාණ්ඩවලට පමණක් ඉඩ දීලා නිසි ක්‍රමවේදයන් හදලා දුන්නා. 2010 පමණ අපි අනුගමනය කරන ලද ප්‍රතිපත්ති, ක්‍රමවේද සහ කළමනාකරණයන් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකියි. විදුලි පරිභෝජනය සඳහා ඒ කාලවකවානුවේ අපි විදුලි බලමණ්ඩලයේ විරෝධය මත සූර්ය පැනලයන් සකස් කිරීම ආරම්භ කළා. අද වන විට එය මෙගා වොට් හාරසීයක් දක්වා වෙනවා. දිවාකාලයේදී මේ විදුලි ජනනය විශාල ලෙස ආවරණය වෙලා තියනවා. අදවන විට වායු සමීකරණයන් සඳහා විශාල ප්‍රමාණයක් ඒමඟින් උද්පාදනය කිරීමට හැකිවී තියනවා. සුළං බලය පිළිබඳ හම්බන්තොට බලාගාරයක් ඉදි කළා එයින් ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඉන්පසුව කල්පිටියට සහ මන්නාරම බලාගාර දක්වා පුළුල් කලා. පුනර්ජනනීය බලශක්තිය කොතරම් ප්‍රමාණයක් නිපදවා ගන්න පුළුවන් ද කියලා බලන්න අවශ්‍යයි. මේ වන විටත් අපි ආරම්භ කරපු ව්‍යාපෘති හැරුණු කොට කිසිදු පැහැදිලි විකල්පයන්ට යොමුවෙලා නැහැ.

3. ලංකාවේ විකල්ප බලශක්ති ගැන කතා කිරීමේදි සූර්යබලය සම්බන්ධයෙන් නම් ගැටලුවක් තියනවා. එයට හේතුව රාත්‍රීයට විදුලිය ලබාදීමට නොහැකිවීමයි. විදුලිය අර පිරිමැස්ම ගැන කතා කරනවා. නමුත් ගෘහස්ථ පාරිභෝජනය සියයට හතළිහක් විතරයි වැයවෙන්නේ. හෝටල් කර්මාන්ත ශාලාවලට විශාල ඉල්ලුමක් තියන තැන තියනවා. මේ ඉල්ලුම තියන තැන්වලට විදුලි කළමනාකරණය කිරීම ඉතාම වැදගත්. විකල්ප බලශක්ති ක්‍රමවේදයන්වලට යෑම ඉතාමත් වැදගත්. ඒ විශාල ඉල්ලුමක් ඇති තැන් කළමනාකරණය කරමින් විකල්ප බලශක්තීන් භාවිත කිරීම වැදගත්. උදාහරණයක් ලෙස ලෝක වෙළෙඳපොළ මධ්‍යස්ථානයේ විදුලි පරිභෝජනය මොරටුව සහ පානදුර ජනතාවගේ පරිභෝජනයට සමානයි. මෙවැනි තැන්වල යම් කළමනාකරණය කළ යුතුයි. ලංකාවේ සුළං බලය ඉතාමත් හොඳ මට්ටමින් තියෙනවා. ඒ සුළං බලය අවශෝෂණය කර ගැනීමට කටයුතු කළහොත් ඉදිරියේදී විදුලිබල ඉල්ලුම සරිලන බොහෝ විට සුළං බලයෙන් සකසන්න පුළුවන්. උදාහරණයක් ලෙස පුත්තලම සිට යාපනය වෙරළෙ තිරයේ මෙගාවෝට් පන්දහසක් පමණ ලබා ගත හැකියි. දැනට මෙගාවොට් 2500ක් පමණයි නිපදවන්නේ. මේ සම්ප්‍රේෂණ පද්ධති භාවිත කරන්නේ කියලා සොයා බලමින් මේ සමස්ත පද්ධතීයන් වෙනස්කම් කරන්න අවශ්‍යයි. ඒ වෙනස්කම් යම් සැලසුමක් ඇතිව ක්‍රියා කළහොත් ලංකාවට පහසුවෙන් ලෙස පුනර්ජනනීය බලශක්තියෙන් දැනට වඩා ප්‍රයෝජනයක් ලබාගන්න පුළුවන්.

4. ඉස්සර නිෂ්පාදන පිරිවැය පිළිබඳව යම් ගැටලු තිබුණා. දැන් එහෙම ලොකු ගැටලු නැහැ. 2010 ගල්අඟුරු ඒකකයක් රුපියල් 7ක් වනවිට සුර්යය සුළංවිදුලි ඒකකයක් රුපියල් 30ක් විතර වුණා. දැන් සූර්යය සුළං විදුලි ඒකකයක් 10 වෙද්දි ගල් අඟුරු ඒකකයක් 25 පමණ වෙනවා. ඒ නිසා පිරිවැය පිළිබඳව කතාවක් දැන් කතා කරන්න බැහැ. එකම ප්‍රශ්නය වන්නේ ගල් අඟුරු අපිට ඕන වෙලාවට ගන්න පුළුවන්. නමුත් සූර්ය බලශක්තිය අපිට ඕන වෙලාවට ගන්න බැහැ. ඒ නිසා අපිට එවැනි බලශක්ති සඳහා සුහුරු පද්ධතියක් අවශ්‍යයි. එවැනි තාක්ෂණයක් තවම ලංකාවේ දියුණු වෙලා නැහැ.

5. විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිපත්තිමය වෙනස්කම් කරන්න ගියාම ජාවාරම් කාරයන්ගේ ප්‍රතිප්‍රහාරවලට ලක්වෙන්න වෙනවා. මෙතන ලොකු නිලධාරිවාදයකුත් තියන තැනක් ඒ නිසා කල්පනාකාරීව හසුරුවන්න අවශ්‍යයි. අපි දන්නවා 2016 පමණ දී මෙගාවෝට් 300 ක ගෑස් විදුලි බලාගාර හදන්න දාපු ටෙන්ඩරය අවුරුදු ගණනාවක් ඇගැයිම් කටයුතු කියලා කාලය ගතවුණා සිදුවූ දෙයක් නැහැ. එවැනි ප්‍රශ්නකාරී නිලධාරීවාදයක් මේ විදුලිබල ක්ෂේත්‍රයේ තියනවා. මේ කඹ ඇඳීම් නිසා ඇතැම් උත්සහායන් ව්‍යාර්ථ වුණා. මේ සියලු ප්‍රශ්නකාරි ස්වභාවයන්ට සහ සිදුවීම්වලට නිලධාරිනුත් වගකිව යුතුයි. මේ ක්ෂේත්‍රයේ පරිවර්තනයක් අවශ්‍යයි. මේ ක්ෂේත්‍රයේ වෙනසක් සිදුවිය යුතුයි. මේවන විට ණය ප්‍රශ්නයත් සමඟ කිසිදු ක්‍රම සම්පාදනයකින් තොරව විදෙස් රටවලට බලශක්ති ක්ෂේත්‍ර විකුණා දමා තියනවා. එයට හොඳම උදාහරණය අදානි සමාගමට හුළං බලය සහ ගෑස් ගිවිසුමයි.

 

1. බලශක්ති ක්ෂේත්‍රයට අද බලපා තියන අර්බුදයට මූලිකව හේතුව වී තියෙන්නේ අපේ රටේ තියෙන ඩොලර් හිඟයයි. අනෙක් භාණ්ඩ සේවා සියලු ක්ෂේත්‍රයන්ට වගේම විදුලිබල ක්ෂේත්‍රයට මෙය තදින්ම බලපාලා තියෙනවා. මූලික වශයෙන්ම සිමෙන්ති ඖෂධ ගෑස් සහ තෙල් වැනි සියලු ක්ෂේත්‍රවලට බලපා මේ තත්ත්වය බලපා තියෙනවා. බලශක්තිය අත්‍යවශ්‍ය සේවා අතර ප්‍රමුඛ පෙළේ තියෙන දෙයක්. ඒ නිසා මෙහි බලපෑම කර්මාන්ත ක්ෂේත්‍රය ඇතුළු සියලුම ක්ෂේත්‍රයන්ට ඇතිවෙලා තියෙනවා. එක් පැත්තකින් මේ වන විට කැලණිතිස්ස බලාගාරයේ දැවිතෙල් හිඟයට හේතුවත් ඩොලර් හිඟයයි. ඒ වගේ ම නොරොච්චෝලයේ ගල්අඟුරු බලාගාරයට ගල් අඟුරු ටෙන්ඩරයට කවුරුත් ඉල්ලුම් කළේ නැහැ; එයටත් බලපාලා තියනවා ඩොලර් හිඟය. ඒ නිසා රටේ සමස්ත ආර්ථික අර්බුදයේ ම ප්‍රකාශනයක් විදුලි අර්බුදයෙන් පෙනී යන්නෙත්.

2. විකල්ප, පුනර්ජනනී, සුනිත්‍ය බලශක්ති ගැන ආණ්ඩු ගණනාවක් කතා කරලා තියනවා. විදුලිබල අමාත්‍යාංශය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, රාජ්‍ය අමාත්‍යාංශ ගණනාවක් එක් එක් යෝජනා ගෙනල්ලා ජනතාව පුදුම කරනවා. යෝජනා ගණනාවක් ගැන කතා කරලා තියෙනවා. කිසිවක් ක්‍රියාත්මක වෙලා නැහ‍ැ. අපේ රටේ වැඩිවන විදුලි අවශ්‍යතාව සහ එය සම්පූර්ණ කරන්න අපිට යා හැකි ක්‍රමවේදයන් මොනවාද කියලා අපි දැනගන්න අවශ්‍යයි. අපේ රටේ සූර්යය බලයෙන් 100% විදුලිය ජනනයක් කරනවා කිව්වොත් එය විය නොහැකි දෙයක්. ඒ නිසා අපේ රටේ අද පවතින තත්ත්වයන් අනුව අපිට ඉදිරියට යාහැකි බලශක්ති ප්‍රභවයන් මොනවද කියලා හොඳ විශ්ලේෂණයක් අපිට තියෙනවා. දැනටමත් මම දන්නා විදියට අපේ විදුලි බල මණ්ඩලයේ 2035 පමණ දක්වාම හොඳ සැලසුම් හදලා තියෙනවා. ගැටලුව වන්නේ ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න දේශපාලන අධිකාරිය කටයුතු කරන්නේ නැතිවීමයි. ගල් අඟුරු සහ ඩිසල් බලාගාරවලට වුවත් ක්‍රමානුකූල යෝජනාවන් තියෙනවා. ඒ සැලසුමෙන් පිට බොහො දේවල් සිදු වෙනවා. ලෝකයේ ගල්අඟුරු සහ ඩීසල් අඩුවෙමින් යනවිට එතැනට පත්වෙන්නේ ස්වභාවික ගෑස් එල්එන් ජී වැනි දේවල්. ඒවා පොසිල සම්භවයක් සහිත නමුත් පරිසර දූෂණය අඩු බලශක්ති ප්‍රභවයන්. අපි එල්එන්ජි පිළිබඳව සාකච්ඡා කළ යුතුව තිබුණේ කලකට පෙරාතුවයි. එයට හරස් වුණේ විදුලි බල මණ්ඩලයේ ඉජිනේරුවන්ගේ සැලසුම් නොවෙයි. අදාළ ඇමැතිවරුන් තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය මතයි තීන්දු වන්නේ.

3. ඔව්. අපට ඇත්තටම සුර්ය බලශක්තිය නිෂ්පාදනය කිරීමට හැකියාව තියෙනවා. ඒවගේම ඒ සඳහා අවශ්‍ය කරන ස්ථාන අවශ්‍ය තරම් අපිට තියෙනවා. එමෙන්ම ලෝකයේ සමහර රටවල පාවෙන සූර්ය පැනල ඉදිකරලා තියෙනවා. අපේ මහ ජලාශවල සහ වතුකරයේ මේ සඳහා යම් ඉඩක් වෙන් කරන්න පුළුවන්. සූර්ය බලශක්තියට ගබඩා සඳහා පහසුකම් නොමැති ගැටලුවක් වුවත් දැන් එය විසඳිලා තියෙනවා. දැන් එය දියුණු වෙලා තියෙනවා. ඒ වගේම අධික මිලකට තිබුණ බැටරි සහ වෙනත් උපකරණ මිල අඩුවෙලා තියනවා. හැම ආණ්ඩුවක්ම මේදේවල් කතා කරනවා විතරයි හැමදාම. පියවරෙන් පියවර මේ දේවල් කරන්න කවදාවත් උත්සහා කළේ නැහැ.

4. වැඩිම විදුලි පරිභෝජනයක් තියෙන්නේ උදේ 6.00 සහ සවස 6.00 අතර කාලයේදී. පුනර්ජනනීය බල ශක්තියට මේ සඳහා අවශ්‍ය මූලික විදුලි සැපයුම දෙන්න බැහැ. අනිවාර්යෙන්ම ජල විදුලිය හෝ තාප බලාගාර හෝ භාවිත කළ යුතුයි. නොරොච්චෝලයේ තාක්ෂණික ප්‍රශ්නයක් බව අපිට පේනවා. ලෝකයේ දැන් ගල් අඟුරු බලාගාර තාක්ෂණයත් ඉදිරියට ගිහින්. ගල්අඟුරු බලාගාර කියන්නේ එක් වරක් විදුලිය සැපැයුමෙන් පසුව අපේ කෙළවරපිටිය වගේ ඇණ හිටින දෙයක් නොවෙයි. ඒ නිසා අපට තියෙන්නේ පරිසරයට හිතකර පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට අවධානය යොමු කිරීමයි.

5. අනිවාර්යෙන්ම එය පැහැදිලියි. සියලු ම කරුණු කාරණාවල අවසන් ප්‍රතිඵලය එන්නේ ජනතාවට තමයි. කිසිම දෙයක් ගැන වැඩපිළිවෙළක් සැලසුමක් නැති නිසා ජනතාව තමයි ඒකෙන් පිඩාවට පත් වෙන්නේ. ඇමැතිවරුන්ගේ ගෙවල්වලට මේ දේවල් බලපාන්නේ නැහැ. ජනතාවට එහෙම නැහැ .විදුලි බල ප්‍රශ්නයෙන් අනෙක් කරුණු තේරුම් ගත්තොත් රටේ මොකක්ද වෙන්නේ කියලා; රටේ අනෙක් ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න පුළුවන්. අපිට රට ගොඩනැඟීමට ජාතික ආර්ථික සැලසුමක් අවශ්‍යයි. ඒ සැලසුමේ වසර දහයකටවත් සැලසුම් තිබිය යුතුයි. ඒ අනුවයි අනෙක් ක්ෂේත්‍රයන් දියුණු කළයුතු වන්නේ. අපේ කර්මාන්ත, කෘෂි කර්මාන්ත දියුණු කරන මට්ටමට එන්න කොතරම් බලශක්තිය අවශ්‍යද? අධ්‍යාපනය පුළුල් කළ යුතුයි. එසේ නම් ඒ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයේදී නිරෝගී ජනතාවක් වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙතරම් දියුණු කළ යුතුයිද යන සියලු කාරණාවලදී ආර්ථික සංවර්ධනයේ මධ්‍යගත සැලැස්මක් අනුවයි

Comments