ගැටලු විසඳීමට අත්‍යවශ්‍ය නොවන ආනයන කපා හැරිය යුතුයි | සිළුමිණ

ගැටලු විසඳීමට අත්‍යවශ්‍ය නොවන ආනයන කපා හැරිය යුතුයි

 

මෙරට ආර්ථික සමාජ සහ දේශපාලනික ක්ෂේත්‍රයේ බරපතළ තත්ත්වයන් වසර පසුගිය වසර දෙකක කාලයේ ඇතිවිය. මේ අනුව රටේ ආර්ථිකයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් මතු විය. එහි ප්‍රධාන ගැටලුව 2020 මාර්තු මස ඇතිවූ කොවිඩ් වසංගතයයි.

වසංගතය බලපෑම හේතු කොටගෙන සහ එය පාලනය කිරීමට ගත් පියවරයන්ද හේතු කොටගෙන ආර්ථිකයට යම් බලපෑමක් එල්ල කරන ලදී. එහිදී රට වසා දැමීමට ගත් පියවර ද විශාල ආර්ථික සමාජ අර්බුදයන්ට හේතු විය. එසේ ම තවත් ආකාරයකට බැලූ විට මේ වසංගතය හරහාම ඊටම ඈදෙමින් ඇතිවූ දේශපාලනික අර්බුදයන්ද විය.

මේ සඳහා බලපෑ අනෙක් හේතු කරුණාව නම් දීර්ඝකාලීන පැවැති අර්බුදයකි. එනම් පසුගිය වසර 43ක කාලයේ මෙරට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති සහ ඒ හා ඈදුණු සමාජ දේශපාලනික කරුණු හේතු කොටගෙන ඇතිවූ දිර්ඝකාලීන ආර්ථික සමාජ සහ දේශපාලනික අර්බුදයයි.

මේ තත්ත්වය කොවිඩ් නිසා ඇතිවූ අර්බුදයක් නොවෙයි. එය පසුගිය වසර දෙකක කාලයේ උත්සන්න වූ නමුත්; මේ සම්ප්‍රදායික අර්බුදයන් ආර්ථික සමාජ ක්‍රියාදායමයේ ඉදිරියට යාම නිසා ඇතිවූ අර්බුදයක් ලෙස දැක්විය හැකියි.

මේ ප්‍රධාන කරුණුවලට අමතරව මේ ආර්ථිකමය ගැටලුවට බලපෑ තුන්වැනි කරුණක් වෙයි.

මේ ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක කාලයේ ආර්ථික සමාජ ප්‍රතිපත්තිවලින් විසඳුමක් සෙවීමට වඩා තවත් අර්බුදයන් වැඩි කරගැනීමට හේතු වූ ප්‍රතිපත්තිමය තීරණයන් අනුගමනය කිරීමට පෙලඹිණි. ඒවා දිර්ඝකාලීන යහපත් ප්‍රතිපත්ති විය හැකිය.

එහෙත් එම තීන්දු ගත යුතුව තිබුණ කාලවකවානුක ගනු ලැබුයේ නම් වඩා යහපත් වනු ඇත. සරල උදාහරණයක් ලෙස කාබනික පොහොරවලට යොමු වීම ඉදිරි පියවරක් විය හැකියි. නමුත් එය කාලගත කිරීමේදී අර්බුද තත්ත්වයක් ඇතිවිය. ඉන් කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ අති විශාල අර්බුදකාරී තත්ත්වයක් එයින් මතු විය.

මේ හේතුකාරණා තුන වසර දෙකක කාලයේදී සමාජ ආර්ථික සහ දේශපාලනික අර්බුදය වර්ධනය වීමට හේතුවිය. ඉන් ඇති වන දේශපාලනික ක්‍රියාවලිය ලෙස අපට හඳුනාගත හැකිවන්නේ සමාජයේ බහුතරයක ආර්ථික සමාජ තත්ත්වය හැකිළිම සිදුවී ඇති බවයි. මේ පීඩාවන් නිසා ජනතා පුපුරා යෑම්, වර්ජන රැලි මතුවීම් සිදු විය. අත්‍යවශ්‍ය භාණ්ඩවල යම් හිඟයක් ඇති වීමෙන් ජනතාව යම් පීඩාවන්ට ලක්විය.

මෙවැනි අර්බුදයකින් ක්ෂණිකව ලැබෙන ප්‍රතිඵල හානිදායකවිය හැකියි. එහෙත් අපිට උගත හැකි පාඩම් වෙයි. එමෙන්ම අර්බුදයක් හැමවිටම නව ගමනකට සැරසීම සඳහා අවශ්‍ය වන අවකාශය නිර්මාණය කරයි. රටේ නිවැරදි දිශානතීය තීන්දු වන්නේ මෙවැනි අවකාශයක් තුළ බලය හසුරුවන පිරිස විසින් එය කොතරම් දුරකට සුබවාදී ව යොදාගන්නේද යන කරුණ මතයි. අර්බුදය නිසා විශාල වශයෙන් මහජනතාවට අපහසුතාවන් ඇතිවී ඇති අතර අනෙක් පැත්තෙන් හැම අර්බුදයක් සේම ලොකු අවකාශයක් නිර්මාණය කර වී ඇත.

මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත යුතු දිර්ඝකාලීන පියවර මින් උගත හැකියි. පළමු පාඩම වන්නේ මේ අර්බුදයට ආර්ථිකමය වශයෙන් මුළු සමාජ පන්තීන්ම මුහුණ දුන් බව අපිට කිව නොහැකියි. එක් පැත්තකින් බාහිර රටවල් සමඟ ගනුදෙනු කිරිමේදී අර්බුදකාරී තත්ත්වයන් උද්ගත වීමෙන් යම් ආකාරයකට එය රටේ ම අර්බුදයක් ලෙස යම්තාක්දුරකට ගතහැකියි. ජාත්‍යන්තර වශයෙන් මතුවූ මේ අර්බුදය නිසා සමාජයේ සමහර තීරුවලට විශාල වශයෙන් වාසි ගෙන දෙන ලදී.

ඒ අනුව බැලූවිට මෙය සියලුදෙනාටම පැටවුණු අර්බුදයක් නොවෙයි. උදාහරණයක් ලෙස පහළ තිරුවේ මාසික වැටුපක් ලබන අයගේ රැකියා අහිමිවීමත් දෛනික වැටුප් ලබන්නන්ගේ ආදායම් අහිමි වීමත් සිදු විය. පසුගිය වසර දෙකක කාලය තුළ ඇතැම් ප්‍රදේශවල සුපිරි වෙළෙද සැල් නව ශාඛා විවෘත විය.

ආදායම් මට්ටම් ඉහළ යන ලද බව පෙනෙයි. එහෙත් කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන් ගොවියන්ට තම දෛනික ආදායම් අහිමි විය. මෙය බල පවත්වන්නේ සමාජයේ පහළ තලයේ කොටස්වලටයි.

මේ අර්බුදය දැනෙන්නේ සියලු පාර්ශ්වයනට එක ආකාරයට නොවන බව මේ අනුව පැහැදිලි වෙයි. එසේම ආර්ථික වශයෙන් ශක්තිමත් පිරිසට ඇඟලුම් ආදායම් යම් ඉහළ යෑමක් සිදුවී ඇතත් කර්මාන්ත ශාලාවල සේවය කරන කම්කරුවන්ට පඩි ඉහළයාමක් නැත. ඇතැම්විට සේවකයන් ඉවත් කර ඇත. මේ තත්ත්වය හරහා අයිතින් හැකිළෙමින් පවති.

ඒ ඇඟැලුම් නිෂ්පාදකයන් ආර්ථික ලාබ අති විශාල ලෙස වැඩි වී ඇත. එක් පැත්තකින් නිර්යාත භාණ්ඩ මිල ඉහළ යෑම නිසා ඩොලරය ඉහළ යාම මේ වැනි හේතු නිසා වැඩිවී ඇත.

පළමු ලෙස හඳුනා ගත යුතු කරුණ නම් සමාජයේ විවිධ තලයේ සමාජ පන්තීන්ට සලකනු ලබන්නේ විවිධ ආකාරයටය. අර්බුදයකින් බොහොවිට සමාජයේ ඉහළ මාලයට වාසිදායක අවකාශයක් ඇති කරන අතර සමාජයේ පහළ මාලයට අපහසුතා වැඩි කෙරෙන තත්ත්වයක් ඇති කරයි. මෙය පළමු පාඩමයි.

අර්බුද කාලයකදී ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදි ඉන් පහර වැදෙන පිරිස් කෙරේ වැඩි අවධානයක් යොමුකර ඔවුන්ගේ ආදායම් සහ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට පියවර ගත යුතුයි.

තවද වසර 43ක කාලයක් පුරා පැවැති ප්‍රතිපත්තිය වත්මනට කෙතරම් වලංගු ද යන කරුණ මෙහිදී ඉන් මතු වෙයි. මේ ප්‍රතිපත්තිය තවදුරටත් ගෙනයනවාද නැති නම් නව අවකාශයක් මතු කරමින් ඒ දිශානතියට හරවන්නේද යන්න තින්දු කළ යුතුයි. එසේ නොමැති නම් පැවැති ආර්ථික ප්‍රතිපත්තිය ම අනුගමනය කරනවාද යන කරුණ මෙහිදී මතු වෙයි.

රටේ මේ වනවිට විශාල ආර්ථික අර්බුදයන් මතු වී ඇත. විදෙස් සංචිත සහ ණයවර ලිපි නිකුතුවේදී මතුවන ගැටලු අදායම් තත්ත්වයන් පහත වැටීමේ ගැටලු හරහා මතුවූ ප්‍රශ්න ගණනාවක් වෙයි.

දෙසැම්බර් මාසයේ වන විට මෙරට විදෙස් විනිමය ඩොලර් බිලියන 1.6 දක්වා අඩු විය. මහ බැංකු අධිපතිවරයා පවසන ආකාරයට මේ වනවිට එය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ යෑම සිදුවී ඇත්තේ චීනයෙන් ලැබුණ හුවමාරු ණය නිසයි.

මෙරට ආයාථවල වටිනාකම ඩොලර් බිලියන දෙක ඉක්මවා ඇත. අපි ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5ක් දක්වා වෙයි. අපිට නිර්යාතවලින් ලැබෙන්නේ ඩොලර් බිලියන 10ක් පමණයි. විදෙස් ප්‍රේෂණයන්ගෙන් ලැබෙන ප්‍රමාණය අඩුවී ඇත. අද එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% පමණ වෙයි.

සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියනයක් ලැබුණත් ඒ අනුව ඩොලර් බිලියන 11ක පමණ හිඟයක් වෙයි. මේ බිලියන 10ක හිඟය කෙසේ ලබාගන්නේ ද බරපතළ ප්‍රශ්නයක් බවට පත්වී ඇත. එසේ නම් අපේ ප්‍රේෂණ සංචාරක ව්‍යාපාරය වඩා ගුණාත්මකව පුළුල් කරගැනීම කළ යුතුයි.

අපි සම්පත් වැඩිකිරීමට යෝජනා තිබුණද එය කරන්නේ කෙසේද යන්න පැහැදිලි පිළිතුරක් නැත. ණය පියවීමට ණය ගැනීමෙන් ණය කන්ද වැඩි වෙයි. අනාගතයේදී ගෙවීමට වන ඇති ණය බර තවත් වැඩි වෙයි. ආණ්ඩුව ණය ලබා ගැනීමේ ප්‍රතිපත්තිය මත මේ ප්‍රශ්නය විසඳිමට උත්සාහ කරයි.

පසුගිය වසර දෙකක කාලයේ දී අර්බුදයෙන් පාඩම් ඉගනගෙන එය අවකාශයක් කරගැනීම වෙනුවට ඒ ප්‍රතිපත්තියේම තවදුරට නියැළී සිටීම දක්නට ලැබිණි. කෙසේ වෙතත් 2022 දළ ජාතික නිෂ්පාදිතය 5.5%ක් දක්වා වැඩි කිරීම ඉලක්කය බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

ෆෝට්සිටි ආයෝජනයන් ඇතිවී සහ සංචාරක ව්‍යාපාරය හරහා මුදල් ලැබුණහොත් එය වැඩිකර ගැනීමට හැකියාව ඇත.

විදෙස් වගකීම්වලට මුහුණ දීමට අපි ශක්තියක් ඇති කරගන්නවාද යන ගැටලුව ලෙස බැලිමේදී ජාතික නිෂ්පාදිතය 2% වැඩි වුවත් ලොකු බලපෑමක් නොවෙයි. ජාතික නිෂ්පාදිතය වැඩිවීම යන කරුණේදි ඉහළ ආදායම ලබන පිරිස ඉහළ ගොස්; පහළ ආදායම් ලබන පිරිසගේ ආදායම් මට්ටම එසේ තිබිය හැකියි. 2022 නිෂ්පාදන මට්ටම ඉහළ ගියත් එය සමාජ ව්‍යුහය අනුව තිරණය වන්නකි.

මේ ගැටලු විසඳීමට අත්‍යවශ්‍ය නොවන ආනයනයන් කපා හැරිය යුතුයි. ආනයනයන් අඩු කිරීමේදී නිෂ්පාදිතයන් සඳහා නිෂ්පාදන යෙදවුම් කපා නොහැරිය යුතුයි; ලෝක සැපැයුම්දායමයට අපි එකතු වීමට වඩා රට ඇතුළේ සැපැයුම්දාමය ශක්තිමත් කළ යුතුයි.

විශේෂයෙන් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් නිෂ්පාදනයට වඩා පරිභෝජනය කිරීම අපි වෙනස් කළයුතුයි. නිෂ්පාදනය කරන මට්ටමට පරිභෝජනය කරන රාමුවක් හදා නොගෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකියි.

එය ක්‍රමානුකූලව සකස් කළ යුතුයි. තවද 2022 වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ගෙවන කාලවකවානුව යම් විදිහකට වෙනස් කර ගැනීමක්; එනම් නැවත ප්‍රතිසංවිධානය කරගැනීමට යෝජනා කිරීමක් කළ හැකියි.

එමෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීම ද කළ හැකියි. තවද වසර පහකට ණය කල් දමා ගැනීම වැනි පියවරයන් අනුගමනය කළ හැකියි.

එසේ කළහොත් ඩොලර් බිලියන 5ක් ඉතිරි වෙයි. අත්‍යවශ්‍ය නොවන පරිභෝජන භාණ්ඩ ආනයන සීමා කිරීමෙන් ඩොලර් බිලියනයක් ඉතිරි වෙයි. තෙල් අර්බුදයට යම් සලාක ක්‍රමවේදයක් අනුගමනය කළ හැකියි.

මෙවැනි ක්‍රමවේදයකට මෙ රටේ ආර්ථික ගමන් මඟ වෙනස් නොකළහොත් පවතින ශක්තීන් ප්‍රයෝජනයට ඉඩ ප්‍රස්ථා ඇහිරී යනු ඇත. අපේ ආර්ථිකය අපේ ශක්තීන් මට්ටමට ගෙන ඒමට නම් අපි පහළ මට්ටමේ සමතුලනයකට යා යුතුයි. අපි අද වනවිට සිටින්නේ අපිට පවත්වාගෙන යා නොහැකි ඉහළ මට්ටමේ සමතුලනයකට පවත්වා ගනිමිණි. ඒනිසා මේ අසමතුලනයක් ඇති වී ඇත. අපි පහළ මට්ටමක සමතුලනයකට යා යුතුයි. එසේ කිරීමේද සමාජයේ පහළ ස්ථරයන්ට ඉන් පහර වැදීමක් නොවිය යුතුයි.

ලංකවේ මුළු නිෂ්පාදන වටිනාකම දළ වශයෙන් ඩොලර් බිලියන 80යි. මේ බිලියන 80 ආයෝජනයෙන් අපි 20%ක්ද; ඩොලර් බිලියන 60%ක්ද පරිභෝජනය සඳහා වැය කරයි. දළ වශයෙන් පවුල් මිලියන 6ක් පමණ වෙයි. බිලියන 60% අපි පරිභෝජනය සඳහා පාවිච්චි කරයි.

ඒ අනුව එක් පවුලකට පරිභෝජනයට සඳහා ඩොලර් 10,000ක් වෙයි. ඩොලර් 10000ක් පමණ මේ අනුව ආයෝජනය කළ හැකියි. 2016 වසරේ ආදායම් වියදම් පරික්ෂණයක් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ අතර; 4දෙනෙකුගේ එක් අයකුගේ එදිනෙදා වියදමට රැපියල් 55000 මසකට වැය වෙයි.

මේ වසර 5ට යම් පිරිවැයක් වැඩි කළහොත් එය 60000 දක්වා වැඩි කළ හැකියි.

මෙය ඩොලර්වලින් බැලූ විට 3600කි. එහිදී අපිට පේනවා සාමාන්‍ය පවුලක පරිභෝජනය 3600ක් වෙයි. මීට වඩා අඩු ආදායම් ඇති සහ වැඩි ආදායම් ඇති අයත් වෙයි. පහළ ශ්‍රේණියේ පහර වැදීමක් නොවන ලෙස පහළ මට්ටමේ සමතුලිතතාවකට යාමට නම් අපිට දරාගත හැකි පරිභෝජන මට්ටමකට යා යුතුයි.

ඉහළ මට්ටම්වල පිරිසට යම්කිසි ආකාරයට දැනෙන්නට මෙය කිරීම හැර ගැටලුව විසඳා ගැනීමට වඩා හොඳ ප්‍රජාතන්ත්‍රීය ක්‍රමවේදයක් අපට සොයා ගත නොහැකියි.

ඉදිරි වසර කිහිපයකදී අපි යායුතු වන්නේ එවැනි තැනකටය. 1977 දී අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියෙන් සම්පූර්ණ ආපසු හැරීමකට යා යුතුයි. එහි ආරම්භයක් ලෙස අපිට දරාගත හැකි ආර්ථික මට්ටමකට ආර්ථිකය සමතුලනයකට ගෙන ආයුතුයි.

ඒ පියවරෙන් පසුව ආර්ථික නිෂ්පාදනයන් වැඩි කිරීමට ගත යුතු පියවරයන්ද ගත යුතුයි. ලංකාවේ ආර්ථිකයේ මුළු වටිනාකම් වලින් 50%ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ ගෘහස්ථ සහ කුඩා පරිමාණ නිෂ්පාදකයන් විසිනි.

ඒ අයට වැඩි බරක් දෙන ආකාරයට ආර්ථිකය නිෂ්පාදනය හැසිර වූවොත් වඩා වැදගත් වනු ඇත. දරාගත නොහැකි පරිභෝජන මට්ටමක අපි සිටින අතර ඒ සඳහා වගකිව යුතු වන්නේ ඉහළ මාලයයි.

මෙය ආපසු හැරවීමකට නොයා රටේ ආර්ථිකය ගොඩගැනීමට නොහැකිය.

පහළ මට්ටමේ ආර්ථික සමතුලිතාවයක සිට ඉහළ මට්ටමට යා යුත්තේ කෙසේද යන කරුණ පිළිබඳ අපි සවිඥානික විය යුතුයි. ආර්ථිකය ඉදිරියට ගෙනයන්නේ කෙසේ ද යන කරුණ තීරණ වෙනු ඇත.

Comments