එන්නත් නැතිව ටෙනිස් තරුව උසාවි යයි | සිළුමිණ

එන්නත් නැතිව ටෙනිස් තරුව උසාවි යයි

 කොවිඩ් එන්නත් ලබා ගැනීමකින් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුළු වූ ලෝකයේ අංක එකේ ටෙනිස් ශූරයකු වන නොවැක් ජොකොවික් චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය කටයුතු කර තිබේ. ඔස්ට්‍රේලියානු රජය විසින් මේ ටෙනිස් ශූරයා අධිකරණය හමුවට පමුණූවන ලද්දේ කොවිඩ් එන්නත් ලබා ගැනීමකින් තොරව තම රටට ඇතුළු වීම සම්බන්ධව චෝදනා කරමිනි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා සිටියේ නීතිය සැමට එක සමාන විය යුතු බැවින් මේ ටෙනිස් ශූරයා අධිකරණය හමුවට ගෙනා බවයි. බොහෝ දුරට නොවැක්ට සිර දඬුවම් හිමිවීමට ඉඩක් ඇතැයි ප්‍රකාශ වුවද ඔහුගේ අභියාචනය සලකා බැලූ ඔස්ට්‍රේලියානු අධිකරණය නොවැක් නිදහස් කිරිමට තීරණය කළ බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල සඳහන් විය. කෙසේ වුවද ඔහුට සාවද්‍ය තොරතුරු සපයමින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීම සම්බන්ධව චෝදනා දිගින් දිගටම එල්ල වී තිබේ.

Comments