OPPO 2021 වසර සාර්ථකව නිමාකරයි | Page 2 | සිළුමිණ

OPPO 2021 වසර සාර්ථකව නිමාකරයි

2022 ජනවාරි 02, කොළඹ: ලොව ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථන හා උපාංග සන්නාමයක් වන OPPO, 2021 වසර බෙහෙවින් අභියෝගකාරී වසරක් වුවද, එම වසර තුළ නව නිර්මාණ රැසක් හඳුන්වා දෙමින් සාර්ථක ලෙස ඉදිරියට යාමට තමන්ට හැකියාව ලැබුණු බව පවසයි.

2021 වසරේදී OPPO සිය 17 වන සංවත්සරය සැමරූ අතර, විශේෂයෙන්ම පසුගිය වසර 10 ක කාලය තුළ, දුරකථන නිෂ්පාදනයෙන් ඔබ්බට යමින්, පුළුල් පරාසයක පැතිරුණු තාක්ෂණික නිෂ්පාදන හා නිර්මාණ රාශියක් හඳුන්වා දීමට OPPO සමත් වී තිබේ. පසුගිය වසර තුළදී, OPPO දුරකථන මාදිලි අතර ඉහළම මාදිලියක් වන Find X3 Pro වෙනුවෙන් “EISA BEST PRODUCT ADVANCED SMARTPHONE 2021-2022” සම්මානය හිමි විය. OPPO වෙත මෙම සම්මානය හිමි වූ දෙවැනි අවස්ථාව මෙයයි.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ OPPO සහ අබාන්ස් අතර පවතින හවුල්කාරීත්වයට පසුගිය වසරේදී වසර 5 ක් සම්පූර්ණ වූ අතර, එම ගිවිසුම දෙපාර්ශ්වය විසින් තවත් වසර 3 කට දීර්ඝ කරන ලදි.

Comments