
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන මයික්‍රෝ-ස්ටාර් ඉන්ටර්නැෂනල් (MSI), විසින් දේශීය වෙළඳ පොළ වෙත ඉහළ කාර්යසාධනයක් සහිත නවතම ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් හඳුන්වා දී ඇත. අන්තර්ගත නිර්මාණකරණය (content creation), ගෙමින්ග් (gaming) සහ ග්‍රැෆික් නිර්මාණකරණය (graphic design) සඳහා වඩාත් සුදුසු මෙම නවතම ලැප්ටොප් මාදිලි වන්නේ Bravo 15, Delta 15 සහ Creator Z16 Laptop ය. Bravo 15 සහ Delta 15 ගෙමින්ග් සඳහා කැමැත්තක් දක්වන පරිශීලකයින් සඳහා වඩාත් සුදුසු ලැප්ටොප් මාදිලි ද්විත්වයක් වන අතර, Creator Z16 ගෙමින්ග් සහ ග්‍රැෆික් නිර්මාණකරණයේ නිරතවන්නන්ගේ අවශ්‍යතා සඳහා සුදුසු වේ.