'LG ගම හදන නියමුවා' දියත් කළ 'පෝෂණීය මතු පරපුරක්' ව්‍යාපෘතිය ජනතා අයිතියට | Page 2 | සිළුමිණ

'LG ගම හදන නියමුවා' දියත් කළ 'පෝෂණීය මතු පරපුරක්' ව්‍යාපෘතිය ජනතා අයිතියට

ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් තලයකට රැගෙන ඒම වෙනුවෙන් දියත් කරන ලද LG ගම හදන නියමුවා සමාජ සත්කාරක මෙහෙවර යටතේ බලංගොඩ, හඳගිරිය ග්‍රාමයේ ක්‍රියාත්මක කළ 'පෝෂණීය මතු පරපුරක්' ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී.

වසර 30 කට වැඩි කාලයක් නිසි පරිදි නඩත්තු නොවී පැවති බලංගොඩ, හඳගිරිය ග්‍රාමයේ මාතෘ සායනය නවීකරණය කිරීමට මෙහිදී කටයුතු කෙරුණි. ගැබිණි මවුවරුන් සහ වයස 5 ට අඩු ළමුන් සඳහා ක්‍රියාත්මක වන මෙම සායනය පිහිටා ඇති ගොඩනැගිල්ල අබලන් වී කඩා වැටීමට බෙහෙවින් ආසන්න මට්ටමෙන් පවතින බව LG ගම හදන නියමුවා කණ්ඩායමට දැක ගත හැකි විය. වහාම ක්‍රියාත්මක වන පරිදි එම ගොඩනැගිල්ල සියලු පහසුකම් වලින් සමන්විත වන පරිදි අලුත්වැඩියා කර මහජන අයිතියට පත් කිරීමට අවශ්‍ය කටයුතු LG ගම හදන නියමුවා වැඩසටහන යටතේ සම්පදනය විය.

LG ගම හදන නියමුවා වැඩසටහන නිසා එම ග්‍රාමයේ ජීවත් වන මවුවරුන් සහ දරුවන් මුහුණ දී තිබූ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධ ගැටලුවක් විසඳා ගැනීමට හැකි වූ අතර එය එම ජනතාවට මහත් අස්වැසිල්ලක් වී ඇත.

ලොව සුපතල ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන දැවැන්තයකු වන LG සමාගම, ශ්‍රී ලාංකික ව්‍යාපාර දැවැන්තයකු වන අබාන්ස් සමූහ ව්‍යාපාරය, Community chest of Korea සංවිධානය සහ Korea Friends of Hope International Sri Lanka සංවිධානය (KFHI). එකට එකතුව දියත් කළ LG ගම හදන නියමුවා වැඩසටහනේ දී ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට සිය ග්‍රාමීය ප්‍රදේශයන්ගේ අඩුපාඩු පෙන්වා දෙන නියමුවන් බවට පත් වෙමින් ඒවා සම්පූර්ණ කර ගැනීමේ දී පෙරමුණ ගැනීමට අවස්ථාව සලසන ලදී.

(LG ගම හදන නියමුවා වැඩසටහන යටතේ වවුනියාව, දරණිකුලම් ග්‍රාමයේ ක්‍රියාත්මක වූ 'දිවියට දිය බිඳක්” පානීය ජල ව්‍යාපෘතිය සහ මඩකලපුව, සන්දිවේලි ග්‍රාමයේ ජීවත් වන ජනතාවට කලපුව හරහා බෝට්ටුවෙන් යාමේ දී අවශ්‍ය කරන ජීවිතාරක්ෂක කබා ප්‍රදානය කළ 'ජීවිතයට සුරක්ෂාව'ව්‍යාපෘතිය පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණි. මීට අමතරව LG ගම හදත නියමුවා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන තවත් ව්‍යාපෘතියක් වන අම්පාර, මුවන්ගල ග්‍රාමයේ වොලිබෝල් ක්‍රීඩකයින් සඳහා ක්‍රීඩා පිටිය නවීකරණය කර දීමේ 'ක්‍රීඩාශීලී උද්යෝගීමත් හෙටක්' ව්‍යාපෘතිය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

Comments