LCB Finance ශාඛා ජාලය තංගල්ලටත් | Page 2 | සිළුමිණ

LCB Finance ශාඛා ජාලය තංගල්ලටත්

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව වෙනුවෙන් කැපවීම අරමුණු කොටගෙන සිය 10 වැනි ශාඛාව 2022 ජනවාරි 11 වැනි දින තංගල්ලේදී විවෘත කළේය. එහි ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ ප්‍රකාශ කර සිටියේ 2022 ජනවාරි 27 වැනි දින දකුණේ දෙයියන්දර තවත් ශාඛාවක් විවෘත කිරීමට නියමිතව ඇත්තෙ තම ආයතනයෙ 11 වන ශාඛාව ලෙසය. 2022 පෙබරවාරි මැද වන විට අකුරැස්ස ප්‍රදේශයෙ ද නව ශාඛාවක් විවෘත කිරීමට කටයුතු කරගෙන යන අතර 2022 මාර්තු 31 වන විට ශාඛා ජාල 12 ක් දක්වා වර්ධනය කිරීම ඉලක්ක කර ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සුදානම් වෙමින් පවතින බවද වාර්තාවේ . මෙම ශාඛාවන් මගින් සේවා සැලසෙන ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීමට සහ අදාළ ප්‍රදේශයේ ග්‍රාමීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමට දායකත්වය සැපයෙන ලෙස ඔවුන් තම සෙවා සැලසුම් කොට ඇත.

Comments