HNB FINANCE වෙතින් Auto Loan මූල්‍ය පහසුකම | Page 2 | සිළුමිණ

HNB FINANCE වෙතින් Auto Loan මූල්‍ය පහසුකම

නව්‍ය පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාවන්හි පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන HNB FINANCE PLC විසින් පාරිභෝගිකයින්ට තම වාහන සිහිනය සැබෑකර ගැනීම සඳහා පහසුවෙන් ණයක් ලබා ගැනීමට හැකි වන පරිදි “Auto Loan”” මූල්‍ය සේවාව පසුගියදා දියත් කරන ලදී. මෙහිදී පාරිභෝගිකයා විසින් මිලදී ගැනීමට අපේක්ෂා කරන මෝටර් රථය ණය සඳහා සුරැකුමක් ලෙස ක්‍රියා කරන බැවින් පාරිභෝගිකයින්ට ස්ථාවර වාරික වශයෙන් ණය ගෙවීමට හැකියාව ලැබෙනු ඇත. පාරිභෝගික රුචිකත්වයට මුල්තැන දෙමින් සහ ඔවුන්ගේ ගෙවීමේ හැකියාව මත වඩාත් නම්‍යශීලී මූල්‍ය සැලසුමක් ලෙස මෙම සේවාව පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා HNB FINANCEහි අලෙවි නිලධාරීන් පුද්ගලිකව ගනුදෙනුකරුවන් වෙත ගොස් වඩාත් කඩිනමින් ඔවුන්ගේ මෝටර් රථ සිහිනය සැබෑ කරවිමට කටයුතු කරනු ඇත. HNB FINANCE PLC විසින් සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි සකස් කර ඇති Auto Loan පහසුකම ඉතා ඉක්මනින් පාරිභෝගිකයින් වෙත හඳුන්වාදීමට ලැබීම සතුටට කරුණක්. මෙවැනි සේවාවක් අපගේ වර්තමාන මුල්‍ය සේවා ජාලයට හඳුන්වා දීම තුළින් අඛණ්ඩව පාරිභෝගිකයින්ට වඩාත් ප්‍රශස්ත මූල්යල සේවා පහසුකම් භුක්ති විඳීමටත් ඒ තුළින් ඔවුන්ගේ ජීවිත සවිබල ගැන්වීමට හැකිවන බවටත් මට විශ්වාසයි.” යනුවෙන් HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිළධාරි චමින්ද ප්‍රභාත් පැවසුවේය.

Comments