APPLE WATCH SERIES 7 අබාන්ස් PLC වෙතින් | Page 2 | සිළුමිණ

APPLE WATCH SERIES 7 අබාන්ස් PLC වෙතින්

Apple නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ සිටින බලයලත් අලෙවි නියෝජිත සහ සේවා සැපයුම්කරු වන අබාන්ස් PLC විසින් වැඩි දියුණු කළ විශාලතම Apple Watch Series 7 වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. Always-On Retina ඩිස්ප්ලේ එකකින් සමන්විත මෙහි වඩා පුළුල් තිරයක් සහ සිහින් බෝඩරයක් දැකිය හැකියි. 1.7mm ක සිහින් බෝඩරයකින් සමන්විත මෙය අත් ඔරලෝසුව විසින්ම පරිමාණය සකස් කරවමින් Screen Area එක උපරිම ලෙස පෙන්වීමට සමත්වෙයි. Apple Watch Series 7 විශාල ඩිස්ප්ලේ එකක් ලබා දෙන අතර, නවතම QWERTY කී බෝඩ් එකකින් මෙන්ම Contour and Modular DUo නම් වන විශේෂිත අත් ඔරලෝසු මුහුණත් දෙකකින් සමන්විතයි. දවසේ පැය 18 ක් පුරා ක්‍රියාත්මක බැටරි ආයු කාලයක් දැකිය හැකි මෙහි 33% ක වේගවත් චාජ් කිරීමක් (Fast Charging) දැක ගත හැකියි.

41mm සහ 45mm ප්‍රමාණයෙන් Apple Watch Series 7 ලබාගත හැකි අතර, දිගු කල් පැවැත්මෙන් අසමසම නිෂ්පාදනයකි. ස්ටේන්ලස් ස්ටීල් මාදිලි silver, Graphite සහ Gold Stainless Steel යනුවෙන් දැක ගත හැකි අතර, Titanium සහ Space Black Titanium යනුවෙන්ද දැක ගත හැකියි. Apple Watch Nike සහ Apple Watch Herme's යන මාදිලි නවතම Bands සහ මුහුණත්වලින් සමන්විත වන අතර, Apple Watch SE පැවති වර්ණයන්ගෙන්ම ලබාගත හැකියි. මෙම නවතම Apple අත් ඔරලෝසුවේ සෞඛ්‍ය සහ ශරීර සුවතාවය ගණනය කිරීමට උපකාරී වන උපාංග දැක ගත හැකි අතර, Electrical Heart Sensor සහ ECG App, Blood Oxygen Sensor සහ App ඒ අතර දැක ගත හැකියි. OS8 එක ඔබට සෞඛ්‍ය සම්පන්න වීමට, ක්‍රියාශීලී වීමට, නව ශාරීරික ව්‍යායාම් සැලසුම් සකස් කිරීමට, නවතම මානසික සුවතා App භාවිත කිරීමට, Apple Wallet භාවිත කිරීමට ඇතුළුව Messages සහ Photos App භාවිත කිරීම ඇතුළු කාර්යයන් රැසක් සඳහා උපකාරී වෙයි.

Apple Watch Series 7 අබාන්ස් වෙතින් ක්‍රෙඩිට් කාඩ්වලින් මාස 60 දක්වා පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක.

Comments