ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 ව්‍යාපාර කටයුතු අරඹයි | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 ව්‍යාපාර කටයුතු අරඹයි

2022 වසර සඳහා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ව්‍යාපාර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය 2022 ජනවාරි මස 3 වැනිදා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ අතර මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති , ආයතනික කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදුවිය. කොවිඩ්19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා ඇති සෞඛ්‍ය සහ ආරක්ෂිත මාර්ගෝපදේශ වලට අනුකූලව අවම සහභාගීත්වයක් සමඟ මෙම අවස්ථාව පැවැත්වූ අතර, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා සහ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත zoom තාක්ෂණය ඔස්සේ සජීවීව විකාශය කරන ලදී. එසේම මෙම අවස්ථාව සඳහා සර්වාගමික චාරිත්‍ර වලට අනුකුලව ආශිර්වාද කිරීම සිදුවිය. රාජ්‍ය රක්ෂණ ආයතනයක් ලෙස 1962 වසරේදීදී පිහිටුවන ලද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 ජනවාරි 01 වැනිදින 60 වන සංවත්සරය සමරන අතර දශක හයක් මුළුල්ලේ දේශය වෙනුවෙන් සිදුකරන ලද සේවාව සැමරීමද මෙහිදී සිදුවිය. දශක 6ක් පුරා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ආයතනික අරමුණු රටේ ආර්ථික හා සංවර්ධන ඉලක්ක සමගින් පෙළගස්වමින් විශිෂ්ට සේවාවක් සැපයීම සඳහා පෙරමුණගෙන ඇති අතර සියලුම ව්‍යසනකාරී තත්වයන් හමුවේ රටට සහය වීම සඳහා ප්‍රමුඛත්වය ගෙන තිබේ.

Comments