මෙරට ප්‍රථම හරිතාගාර වායු විමෝචන සහතිකය නිව් ඇන්තනීස් ෆාම්ස් වෙත | Page 2 | සිළුමිණ

මෙරට ප්‍රථම හරිතාගාර වායු විමෝචන සහතිකය නිව් ඇන්තනීස් ෆාම්ස් වෙත

මෙරට සත්ත්ව පාලන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම අනුගමනය කරන ගෝලීය පිළිගැනීමක් ඇති තිරසාර භාවිතාවන් අගයමින්, ISO 14064-1:2018 ප්‍රමිතීන්ට අනුකූල, හරිතාගාර වායු විමෝචනය ප්‍රමාණනය කිරීම පිළිබඳ සහතිකයක් නිකුත් කිරීමට නෙදර්ලන්තයේ Control Union ආයතනය පසුගියදා පියවර ගත්තේය.

මේ සමඟ, හරිතාගාර වායු විමෝචන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සහතික ලත් පළමු සහ එකම සත්ත්ව පාලන සමාගම බවට පත්වීමට ද නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම සමත්විය. නිව් ඇන්තනීස් ෆාම්ස් යනු සිය සමස්ත සැපයුම් දාමය තුළම හරිතාගාර වායු විමෝචනය කිරීම පිළිබඳ දැඩි අවධානයකින් ක්‍රියාකරන සමාගමකි. මෙසේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේදී, බලශක්ති පිරිමැස්ම, වගකීම් සහගත ලෙස කසළ බැහැරකිරීම, සූර්ය බලශක්ති භාවිතය, ස්වංයක්‍රීයකරණය තුළින් කඩදාසි භාවිතය අවම කිරීම ආදී පියවර රැසක් අනුගමනය කෙරේ. ”ආරම්භයේ පටන් පරිසර හිතකාමී යහපත් භාවිතාවන් අනුගමනය කිරීම ගැන අපි මහත් සේ ආඩම්බර වෙනවා. එමෙන්ම, හරිතාගාර වායු විමෝචනය පිළිබඳව ලබාගත් මෙම සහතිකයත් අපගේ ගමන්මඟ තුළ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරනවා.

Comments