
ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතියේ නවතම අදියර රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙරගල සහ මැදවච්චියේ දාච්චිදමන ගම්මාන දෙකෙහි ගොවි ප්‍රජාවන් වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව වෙහෙරගල ගම්මානයේ පවුල් 268කට අයත් ගම්වාසීන් 1,000කට අධික පිරිසක් සහ මැදවච්චියේ දාච්චිදමන ප්‍රදේශයේ පවුල් 48කට අයත් පුද්ගලයන් 200කට ආසන්න පිරිසකගේ පානීය ජල අවශ්‍යතාවය මින් සපුරාලනු ලබයි. දීර්ඝ කාලයක පටන් හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයේ බලපෑමෙන් පීඩාවට පත් මෙම ජනතාව ඉන් මුදවාගැනීමට එම ගම්මාන දෙකෙහි ස්ථාපිත ‘දිවියට දිය දහරක්’ ජල පවිත්‍රකරණ පද්ධති මහඟු දායකත්වයක් සපයනු ඇත. කෘෂිකර්මාන්තය ජීවිකාව කරගත් උතුරුමැද පළාතේ මෙම ගම්මාන දෙකේ සෑම නිවසකම පාහේ හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුවූ රෝගියෙකු දක්නට ලැබීම ඔවුන් මුහුණපා සිටින ජීවිත අවදානම පෙන්නුම් කරයි.