
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පාසල් සම්පූර්ණයෙන් වසා තිබූ කාලය සඳහා රජයේ බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් සිසුන්ගෙන් පහසුකම් ගාස්තු සම්පූර්ණයෙන්ම අය කරගෙන තිබේ.
සාමාන්‍යයෙන් වසරකට දින 120ක් පාසල් පැවැත්විය යුතු වුවද ඉකුත් වසර දෙකකට ආසන්න කාලය තුළදී පාසල් පවත්වා ඇත්තේ දින 60කට ආසන්න කාලයකි. එබැවින් ජලය, විදුලිය ලබාදීම මෙන්ම පිරිසිදු කිරීම් ඇතුළු කිසිවක් එම වකවානුව සිදු නොවූ බැවින් මෙලෙස සම්පූර්ණ ගාස්තුවම අය කර ගැනීම සාධාරණ නොවන බවද දෙමව්පියෝ පවසති.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගෙන් සිළුමිණ කළ විමසීමකදී කියා සිටියේ පාසල් වසා තැබුවද ජල, විදුලිය, පිරිසිදු කිරීම් වැනි නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක් වෙන් කිරීමට පාසල්වලට සිදු වූ බවය. එහෙත් අමාත්‍යාංශ චක්‍ර ලේඛයට අනුව කිසිදු සිසුවකුගෙන් පහසුකම් ගාස්තු බලහත්කාරයෙන් ලබා ගත නොහැකි බවද හෙතෙම අවධාරණය කෙළේය.
ගුරු සංගම් පවසන පරිදි පහසුකම් ගාස්තු ලෙස තීරණය වන්නේ එම පාසලේ ශිෂ්‍ය අනුපාතය අනුව පාසල් සංවර්ධන සමිතියේ අනුමත කරන ගාස්තුවක් බවත් මේ වන විට බොහෝ පාසල්වල වසරකට රුපියල් 5,000කට වැඩි ගාස්තුවක් එක් සිසුවකුගෙන් අය කරන බවත් ඔහු කීය.