පල්ලියේ බෝම්බය ගැන පුළුල් පරී­ක්ෂණ | Page 2 | සිළුමිණ

පල්ලියේ බෝම්බය ගැන පුළුල් පරී­ක්ෂණ

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය රජය සහ පොලිසිය අපකීර්තියට පත්කිරීමට සිදු කළ කුමන්ත්‍රණයක් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පවසයි.

ඒ අනුව ඉකුත් දා ලංකා හොස්පිට්ල්හි බෝම්බ සිද්ධිය සහ දේවස්ථාන බෝම්බ සිද්ධියේ ප්‍රධානීන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමටත් ඔවුන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගැනීමටත් කඩිනමින් කටයුතු කරන   බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතර පොලිස්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ නාරාහේන්පිට පෞද්ගලික රෝහල් බෝම්බ සිද්ධිය මාස තුනකට ආසන්න කාලයක් පුරා පුළුල් විමර්ශනයක් සිදුකොට ඊට අදාළ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගත් ආකාරයටම දේවස්ථාන බෝම්බ සිද්ධියට අදාළවද පුළුල් විමර්ශනයක් සිදුකර තරාතිරම නොබලා සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට නියෝග දී ඇති බවය.

Comments