ගම නංවන්න කෝටි 1989ක් | සිළුමිණ

ගම නංවන්න කෝටි 1989ක්

 ග්‍රාමීය ජීවනෝපාය ඉහළ නැංවීම උදෙසා උපාය මාර්ග සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීම සඳහා රටේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට රුපියල් කෝටි 1,989 ක් ලබාදීමට රජය කටයුතු කරයි. එමෙන් ම කෝවිඩ් වසංගත බලපෑම් හමුවේ අසාර්ථක වූ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සැලසීමටත්, ගම්මානවලට ප්‍රවේශවීමේ පාලම් 10,000 ක් ඉදිකිරීමේ වැඩසටහනටත් කිලෝමීටර් ලක්ෂයේ මාර්ග වැඩසටහන් සඳහාත් මෙවර අයවැයෙන් මුදල් වෙන්කර ඇත. මෙරට විදුලිබල අර්බුදයට විසඳුම් ලෙස හරිත බලශක්ති පෙරළියක් ලෙස පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර ආයෝජන පෞද්ගලික අංශයට ලබාදීම මඟින් 2030 දී රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය ලෙස ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු කරනු ලබයි.

Comments