කොළඹ පිට­ස්ත­ර­යන්ගේ තතු සොයයි | Page 3 | සිළුමිණ

කොළඹ පිට­ස්ත­ර­යන්ගේ තතු සොයයි

ජාතික ආරක්ෂාව තහවුරු කරමින් අපරාධ සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණ ඇතිව පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කිරීම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින තුන තුළදී බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාසය විසින් කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරේ. ‘ජාතික ආරක්ෂාව සුරකිමු, අපරාධ, මත්ද්‍රව්‍ය දුරලමු‘ තේමාව යටතේ පොලිස් ආඥා පනතේ 66 වැනි වගන්තිය ප්‍රකාරව සකසන පෝරමයක් මඟින් කොළඹ  නගර සීමාව තුළ පදිංචි පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කිරීම මෙහි අරමුණයි. ඒ අනුව නිවාසවල, ව්‍යාපාරික ස්ථානවල, වෙනත් ආයතනවල සහ රාජ්‍ය, පෞද්ගලිංක අංශයේ ඉදිකිරීම් වැඩබිම්හි සිටින දිවයිනේ විවිධ පෙදෙස්වලින් පැමිණි පුද්ගලයන්ගේ තොරතුරු පොලිසිය මඟින් රැස් කෙරේ.

Comments