පිළියන්දල, කොළමුන්න ශ්‍රී බිම්බාරාම විහාරාස්ථානයේ කොළමුන්නේ සුමනවංශ මාහිමියන් වෙත ධර්මකීර්ති ශ්‍රී සුමංගල ගෞරව නාම සහිත ගල්ගොඩ ශ්‍රී මහා විහාර පාර්ශ්වයේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමේ. පදවි ප්‍රදානය මෙමස 22 වැනිදා ප.ව. 3ට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමිගේ ප්‍රධානත්වයෙන් දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑලගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. සුමනවංශ මාහිමියන් පිළිගැනීමේ උත්සවය කොළමුන්න ශ්‍රී බිම්බාරාම මහා විහාරයේදී මෙමස 23 වැනිදා සවස 3 පැවැත්වේ.