කැල­ණි­ති­ස්සට යළි පණ එයි | Page 3 | සිළුමිණ

කැල­ණි­ති­ස්සට යළි පණ එයි

ඩීසල් නොමැතිව අක්‍රිය වී ඇති කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙක සඳහා ඉන්ධන ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබේ. අදාළ බලාගාර ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට විදුලි බල මණ්ඩලය සැකසුම් සකස් කර තිබුණි.

ඒ අනුව දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් කැලණිතිස්ස බලාගාරයට ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු යොදා තිබේ. කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකක් ඩීසල් නොමැතිව පසුගිය 13 වැනිදා සිට අක්‍රිය කිරීමට සිදුවිය. එම බලගාර දෙක අක්‍රීය වීමෙන් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ඒකක ප්‍රමාණය මෙගාවොට් 300 කි.

Comments