සතියේ කල දවස | සිළුමිණ

සතියේ කල දවස

මේෂ - නීති ගැටලුවලට විසඳුම් 

මෙම සතිය ඔබට තම ජීවිතයට තර්ජනයක් වූ නීතිමය ගැටලුවක් අවසන් කර ගැනීමට හැකිවෙයි. දේපළ ඉඩකඩම් පිළිබඳව තිබූ ගැටලු නිරාකරණය වේ. චන්ද්‍රයා 03, 04, 05 යන ස්ථානවල ගමන් කිරීම නිසා මෙම සුබවාදි බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට හැකිවේ. නිවාස ලාභ, වාහන ලාභ ද ඇතිවන අතර තම සහකරු හෝ සහකාරිය සමඟ ශක්තිමත් ආයෝජනයකට මුලපුරයි.

• අය 4, වැය 3, ජය අංකය 8, ජය වර්ණය - දම්, සුබ දවස - සඳුදා

වෘෂභ - හදිසි ධනයෝග 

ඔබට හදිසි ධනලාභ පෙන්වයි. චන්ද්‍රයා 02, 03, 04 යන

ස්ථානවල ගමන් කිරීමත් සමඟ සිතට සුබවාදි අදහස් පැමිණීම තුළ නව ඉදිරි ගමනකට පෙලඹේ. තම ඥාතී හිතෛෂි අයගෙන් ලැබෙන ඇප උපකාර නිසා තමා බලාපොරොත්තු වූ විදේශ ගමනකට සුදුසු පරිසරය ගොඩ නැඟෙනු ඇත. කලක් තිස්සේ ගෙවා දැමීමට අපහසු වූ ණය මුදලක් ගෙවා දැමීමට හැකිවේ. සිතේ සතුට රජයන සතියකි.

• අය 8, වැය 4, ජය අංකය 5, ජය වර්ණය- කහ, සුබ දවස - බදාදා

මිථුන - සිතේ සතුට අභිවෘද්ධිය‍

මෙම සතිය ඔබට ඉතාම වාසනාවන්ත සතියකි. ඊට හේතුව ලෙස චන්ද්‍රයා 01, 02, 03 යන ස්ථාන පසුකර යාමයි. විශේෂයෙන් සිතේ සතුට අභිවෘද්ධිය නිර්මාණශීලී බව මතු කරන සතියකි. යුග දිවි ගෙවන අයට සතුට සමාදානය ද අවිවාහක අයට මංගල සීනු හැඬවෙන සතියක් ද වෙයි. බොහෝවිට ඔබට දූ දරුවන්ගේ කටයුතු පිළිබඳ වැඩි කාලයක් කැප කිරීමට සිදුවනු ඇත.

• අය 7, වැය 4, ජය අංකය 2, ජය වර්ණය - රෝස, සුබ දවස - සිකුරාදා

කටක - සතුරු බාධක

මෙම සතිය ආරම්භය බාධක වුවත් සතිය මැද සිට ඉතා සුබවාදි වෙයි. පිටරට ගමන් බලාපොරොත්තු වූ අයට එම බලාපොරොත්තු සපල වනු ඇත. විශේෂයෙන් හිසේ අමාරු යටිබඩේ අමාරු නිසා කටයුතුවලට බාධක සිදුවන අතර වැය ශීර්ෂය ද ඉහළ යනු ඇත. තම මවු පාර්ශ්වයේ අයකුට සිදුවන උවදුරක් නිසා ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කිරීමට ද සිදුවන අතර සතුරු බාධක උවදුරු ද ඒ අතර වෙයි.

• අය 4, වැය 8, ජය අංකය 3, ජය වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

සිංහ - හදිසි ආර්ථික ප්‍රතිලාභ

සිංහ ලග්නයට අනුව හදිසි ආර්ථික ප්‍රතිලාභ සහිතයි. චන්ද්‍රයා 11, 12, 01 යන ස්ථානවල ගමන් කිරීමට අනුව සතිය මුල හා අග කොටස සුබ වන නමුත් සතිය මැද අසුබ කාලයකි. නීති ගැටලු හෝ අසල්වාසියකු සමඟ ඇති කරගන්නා මතභේදයක් දුර දිග යාම නිසා නීතියේ පිහිට පැතීමට පවා සිදුවෙයි. කෙසේ හෝ තම දූ දරුවන් නිසා සිතේ සතුට ඇතිවන අතර නව ආයෝජන කටයුත්තකට ද පෙලඹෙනු ඇත. සොයුරු සොයුරියන්ගේ ඇප උපකාර හිමිවේ.

• අය 7, වැය 5, ජය අංකය 4, ජය වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරාදා

කන්‍යා - ව්‍යාපාර සපල වේ

මෙම සතිය ඔබට වෘත්තීය මට්ටම උසස් කරගත හැකි සතියකි. තමාට තම රැකියා ස්ථානයේ ප්‍රසාදය, ඇගයීම නිරතුරුවම ලැබෙන අතර නව නිවාස ලාභ මතු කෙරේ. තමාට ලැබෙන්නට තිබූ ණය මුදලක් තමා අතට පත්වීම තුළ සිතා සිටි නව ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට හැකිවේ. දණහිස ආශ්‍රිත අපලකාරි තත්ත්වයක් බලපාන නිසා ප්‍රවේශම් වන්න.

• අය - 4, වැය 5, ජය අංකය 10, ජය වර්ණය - රෝස, සුබ දවස - සිකුරාදා

තුලා - පෙර පින් මතු කෙරේ

චන්ද්‍රයා 09, 10, 11 යන ස්ථානවල ගමන ඔබට ඉතා වාසනාවන්ත වේ.

පෙර පිං මහිමයට මෙන් නොසිතූ මාර්ගයකින් ආදායම් ලැබේ. තම මව හෝ පියා සම්බන්ධ සුබවාදී ආරංචි ලැබෙනු ඇත. විදේශ ගමන් හෝ ලංකාව තුළ දුරබැහැර විනෝදගමන් උදාවේ. විසිතුරු අලංකාර දේ ලැබෙන අතර මිල මුදල් මෙන්ම වාහන නිවාස හිමිකම් ද ඒ අතර වෙයි. අලංකාර ඇඳුම් ආයිත්තම් පරිහරණයට ලැබේ.

• අය 9, වැය 6, ජය අංකය 5, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - බ්‍රහස්පතින්දා

වෘශ්චික - හදිසි ධන හානි

මෙම සතිය ආරම්භය ගැටලු සහිත වුවද සතිය මැද හා අග ඉතා සුබයි.

තුනටියේ ආපදා උගුරේ ආපදා බහුල කෙරෙන අතර තම ඥාති හිතෛෂී අය වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට සිදුවේ. තමාට නොසිතූ අන්දමේ ධන හානියක් වුවද විය හැකි නිසා කල්පනාකාරි වන්න. කෙනෙකුට දෙන මුදලක් යළි නොලැබෙන ලකුණු පළ කෙරෙන නිසා යමෙකුට අතමාරු දීමේදී කල්පනාකාරි වන්න.

• අය 4, වැය 6, ජය අංකය 3, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - සෙනසුරාදා

ධනු - ආදර සබඳතා

මෙම සතිය ඉතා සුබයි. අවිවාහක අයට මංගල යෝජනා හිමි වෙන අතර අවිවාහක තරුණ තරුණියන්ගේ ආදර සබඳතා තරවෙනු ඇත. විවාහ වීම කල් ගිය වැඩිහිටි අයට හදිසි යෝජනා ඒමත් සමඟ මංගල දින තීන්දු තීරණයන් පවා එළඹීමට හැකි සතියකි. ඒ අතර හදිසි සම්පත් උදා කළ ද නිරතුරුවම එය හදිසියේ අහිම වී යාමට හේතු විය හැකි නිසා කල්පනාකාරි වන්න.

• අය 4, වැය 6, ජය අංකය 4, ජය වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරදා

මකර - ආගමික කටයුතු රැසක්

ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 06, 07, 08 යන ස්ථානවල ගමන නිසා සතිය මුල අසුබ වුවද සතිය මැද හා අවසානය ඉතා සුබයි. තම වෘත්තීය කටයුත්ත වෙනුවෙන් වාසස්ථානයෙන් දුරබැහැර යාමට සිදුවේ. ඒ වෙනුවෙන් වැඩි වියදමක් දැරීමට ද සිදුවන අතර හුදෙකලාව වාසයට සිදුවේ. ඒ අතරතුර ආගමික කටයුත්තකට සහභාගි වීමට ද ඔබට හැකිවන අතර ප්‍රභූ පිරිසකගේ ඇගයීමට ද ලක්වනු ඇත.

• අය 3, වැය 6, ජය අංකය 2, ජය වර්ණය - ළා දම්, සුබ දවස - සඳුදා

කුම්භ - වාසනාවන්ත දරු සම්පත්

මෙම සතිය ඔබට සුබයි. දරුපල අපේක්ෂාවෙන් සිටි අයට එම බලාපොරොත්තු සපල වන අතර දරුවන් සිටින අයට සිය දරුවකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් නිසා සිතේ සතුට උතුරන සතියකි. චන්ද්‍රයා 05, 06, 07 යන ස්ථානවල ගමන් කිරීමේදී සතිය මැද ශාරීරික උපද්‍රවයකට හේතුවේ. ඒ අනුව කුසට විෂබීජ ඇතුළුවීමක් නිසා මතු කෙරෙන අසාත්මිකතාවකින් පීඩා විදිමට සිදුවේ. තමාට කලකට පසු හමුවන මිතුරකුගේ උපකාරයක් නිසා ව්‍යාපාර ආයෝජනයකට මඟ සැලසේ.

• අය 4, වැය 5, ජය අංකය 7, ජය වර්ණය - රෝස, සුබ දවස - සිකුරාදා

මීන - සමාජයෙන් විශේෂ ඇගයීම්

මෙම සතිය ඔබට ඉතා සුබයි. චන්ද්‍රයා 04, 05, 06 යන ස්ථානවල ගමනට අනුව නිවාස ලාභ, වාහන ලාභ හිමිවේ. තමා කිරීමට බලාපොරොත්තුව සිටි ව්‍යාපාරයකට මඟ සැලසේ. අනුන් වෙනුවෙන් විශේෂ කැපවීමක් කිරීමට සිදුවීම තුළ සමාජයෙන් විශේෂ ඇගයීමකට ලක්වේ. දේශපාලනය කරන අයට ජයග්‍රහණ හිමි වන සතියකි. තමාගේ අඩු ලුහුඬුකම් මඟහරවාගෙන ඉදිරියට යාමට හැකිවන අතර ඒ සඳහා ශක්තියක් දිය හැකි අයකු හමුවන සතියකි.

• අය 7, වැය 5, ජය අංකය 9, ජය වර්ණය - කහ, සුබ දවස - බදාදා

Comments