ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය යනික් කුමාර සහ කායා දළුවත්ත කිරුළු පළඳති | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය යනික් කුමාර සහ කායා දළුවත්ත කිරුළු පළඳති

ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ප්‍රීමා සන්රයිස් පාන් සන්නාමය විසින් අඛණ්ඩව 13 වැනි වරටත් අනුග්‍රාහකත්වය දැක් වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය රාජකීය ගොල්ෆ් පිටියේ දී පැවැත්විණි.කොවිඩ්19 නිසා අඩාළ ව පැවැති කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතුවලට ද වන ජීවයක් එක් කරලමින් පැවැති මෙකී තරගාවලිය පුරා ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඉහළ මට්ටමක පැවැතුණි.

යනික් කුමාර 100 වැනි කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ බාලක ශූරතාව හිමි කර ගත්තේ 68/69/69 වෂයෙන් තරග වට නිමා කරමින් නිරේක් තේජ්වානී දෙවැනි තැනට පත් කරමින්ය. තේජ්වානී 72/73/71 වශයෙන් තරගවට නිමා කළ අතර, කේ. ධනුෂාන් 71/70/77 වශයෙන් තරග වට නිමා කළේ තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් ය.

කායා දළුවත්ත කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ බාලිකා ශූරතාව දිනා ගත්තේ 74/72/77 වශයෙන් තරග වට නිමා කරමින් ය. ශෙරීන් බාලසූරිය දෙවැනි ස්ථානය හිමි කර ගත්තේ 78/82/79 වශයෙන් තරග වට නිමා කරමින්ය. තෙවැනි ස්ථානය දෙවින්කා කනගීෂ්වරන් හිමි කර ගත්තේ 90/90/89 ලෙස තරග වට නිම කරමින් ය.

 

 

Comments