වසර 17කට පසු බ්ලූස්ටාර්ට රුපියල් ලක්ෂ පනහක් | සිළුමිණ

වසර 17කට පසු බ්ලූස්ටාර්ට රුපියල් ලක්ෂ පනහක්

ලාංකේය පාපන්දු ක්‍රීඩා පිටියෙහි වැඩි අවධානයක් දිනාගත් ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය වන සුපර් ලීග් 2021 තරගාවලියේ අවසන් තරග ද්විත්වය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය සහ තුරඟ තරග පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැති අතර, කළුතර ‘බ්ලූස්ටාර්ස්’ ක්‍රීඩා සමාජය හාපුරා කියා පැවැති සුපර් ලීග් පාපන්දු තරගාවලිය ජය ගනිමින් ඒ සඳහා පිදෙන රුපියල් ලක්ෂ 50ක ත්‍යාගය කළුතරට රැගෙන යෑමට සමත්විය.

මෙකී තරගාවලිය නිමාවට පත් කරමින් සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා) කණ්ඩායමට එරෙහිව ගෝල 3-2ක ජයක් වාර්තා කිරීමත් සමඟ වසර 17කට පසු එනම් 2003/04 ඩයලොග් චැම්පියන්ස් කුසලානය කළුතරට රැගෙන යෑමෙන් පසු සුපර් ලීග් තරගාවලියේ ජය කළුත-රට රැගෙන යාමට බ්ලූස්ටාර්ස් කණ්ඩා-යමට තිබූ සියලු බාධා ඉවත් විය.

ශ්‍රී ලංකාවේ පළමු වතාවට අතිවිශාල වියදමක් දරමින් සංවිධානය වූ මෙකී තරගාවලියේ කුසලාන දිනා ගැනීම සඳහා බ්ලූස්ටාර්ස් කණ්ඩායම සමග තියුණු තරගයක නිරත වූ කොළඹ ක්‍රීඩා සමාජයේ එකී බලාපොරොත්තු සීහෝක්ස් (නාවික හමුදා) බිඳ දැමුවේ ගෝල 3-2ක් ලෙස ජය වාර්තා කර ගනිමින් ය. මේ අතර තරගාවලියේ වැඩි ම ගෝල ගණනක් රැස් කළ දක්ෂ ම ක්‍රීඩකයාට හිමි වන රන් පාවහන් (ගෝල්ඩන් බූට්ස්) සම්මානය දිනා ගැනීමට බ්ලූස්ටාර්ස් කණ්ඩායමේ ෂෙනාල් සන්දේෂ් සමත්වූයේ තරගා-වලිය පුරා ගෝල 10ක් රැස් කරමින් ය.

‘බ්ලූස්ටාර්ස්’ ක්‍රීඩා සමාජය සහ බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා) කණ්ඩායම් අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති මෙකී තීරණාත්මක තරගය තියුණු සටනකින් පසුව ගෝල 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට ‘බ්ලූස්ටාර්ස්’ ක්‍රීඩා සමාජය සමත් විය.

කොළඹ ක්‍රීඩා සමාජය සහ සීහෝක්ස් (නාවික හමුදා) අතර කොළඹ තුරඟ තරග පිටියෙහි පැවති මෙම තරගයෙන් ගෝල 3-2 ක ජයක් ලැබීමට සීහෝක්ස් (නාවික හමුදා) ක්‍රීඩකයන්ට හැකි විණි.

තරගාවලියේ මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන දිනා සිටි කොළඹ ක්‍රීඩා සමාජයට තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා මෙම තරගය ජය ගැනීම අනිවාර්යය වූ අතර කණ්ඩායම් ද්විත්වයෑම සහභාගී වූ අවසන් තරග ජයග්‍රහණය කර තිබිණි.

බන්ධුල ජයමාන්න 
සපුමල් වීදිය බණ්ඩාර

Comments