දර්ශන් ලෝක වාර්තාවක් පිහිටුවයි | සිළුමිණ

දර්ශන් ලෝක වාර්තාවක් පිහිටුවයි

කේ.පී. දර්ශන් කාරාතේ ක්‍රීඩාවෙන් නව ලෝක වර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. ගම්පොල ප්‍රදේශයේ කරාතේ ක්‍රීඩකයකු වන දර්ශන් තත්ත්පර 1.013 තුළ වැඩි ම අත් පහරවල් සංඛ්‍යාව වූ පහරවල් 7ක් එල්ල කරමින් මෙම ලෝක වාර්තාව පිහිටුවීය. ඉන්දියාවේ ක්‍රියාත්මක ලෝක වර්තා සංවිධානය වන කෝලන් ලෝක වාර්තා (Cholam Book of World Records) විසින් මෙම අවස්ථාව නිරීක්ෂණය කරමින් එය ලෝක වාර්තාවක් ලෙසට තහවුරු කර ඇත.


පාපන්දු සම්මේලනයෙන් ක්‍රීඩා සමාජ තුනකට දඬුවම්

සුපර් ලීග් තරගාවලියේ අවසානයට පැමිණ තිබිය දී ක්‍රීඩා සමාජ තුනකට තරග නීති රීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විනය කමිටුව පියවර ගත්තේය.


බී.පී.එල්. යන්න 7කට බෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් ගත ක්‍රීඩකයන් 7 දෙනෙකුට බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) තරගාවලියට සහභාගී විමට අවස්ථාව අහිමි ව ඇත. ඒ සඳහා අවසර ඉල්ලූ ක්‍රීඩකයන් නවයකගෙන් අවස්ථාව හිමි ව ඇත්තේ ක්‍රීඩකයන් දෙදෙනකුට පමණි.

තිසර පෙරේරා, භානුක රාජපක්ෂ හා සීක්කුගේ ප්‍රසන්න කුල්නා ටයිගර්ස් කණ්ඩායමටත් ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල ෆෝචුන් බරිසාල් කණ්ඩායමටත් දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ පෙරේරා ශීලත් සන්රයිසස් කණ්ඩායමටත් ඉසුරු උදාන ඩකා ස්ටාර්ස් කණ්ඩායමටත් කුසල් මෙන්ඩිස් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමටත් තෝරා ගෙන ඇත.


ලංකා ලෙජන්ඩ්ස්ලා 7ක් තරග බිමේ

එළඹෙන 20 වැනිදා ඕමානයේ දී ආරම්භ වීමට නියමිත ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් තුනක් සහභාගි වීමට නියමිත ය. එම කණ්ඩායම් ඉන්දියා මහාරාජාස්, ඒෂියා ලයන්ස් සහ වර්ල්ඩ් ජයන්ට්ස් වශයෙන් නම් කර තිබේ.

පසුගිය වර පැවැති තරගාවලියට රටවල් 7 ක් සහභාගි විණි. ඒෂියා ලයන්ස් කණ්ඩායම නියෝජනය කරමින් නුවන් කුලසේකර, සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, උපුල් තරංග සහ රොමේෂ් කළුවිතාරණ යන ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට නියමිත ය.



ධනුෂ්ක, දික්වැල්ල හා මෙන්ඩිස්ගේ තහනම ඉවතට

එංගලන්ත තරග සංචාරයේ දී ජෛව ආරක්ෂිත බුබුළ උල්ලංඝණය කිරීමේ වරදට හසුව වසරක තරග තහනමකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ගේ තරග තහනම ඉවත් කෙරිණි.


එල්.පී.එල්. පස් වසරකට අයි.පී.ජී.ට

එල්.පී.එල්. (ලංකා ප්‍රීමිය ලීග්) ක්‍රීකට් තරගාවලියේ සංවිධායක (Event Right Holder) වශයෙන් කටයුතු කළ අයි.පී.ජී. සමාගමේ ඉල්ලීම මත අදාළ ගිවිසුම වසර 5 කට එම සමාගමට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෙහිදී තරගාවලියට අදාළ එම සමාගමේ ගිවිසුම (Franchise Agreement) වසර 5කට දීර්ඝ කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. මීට අමතරව අයි.පී.ජී. සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව ගිවිසුම්ගතව ඇති තවත් ගිවිසුම් අලුත් කිරීමටද තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

Comments