ලෝක වාර්තා අතරට ගිය නිවුන් අලි පැටවුන්ගේ නම් තැබීම හෙට | සිළුමිණ

ලෝක වාර්තා අතරට ගිය නිවුන් අලි පැටවුන්ගේ නම් තැබීම හෙට

රඹුක්කන පින්නවල අලි අනාථාගාරයේ උපන් නිවුන් අලි පැටවුන් දෙදෙනාට නම් තැබීම හෙට(11) පෙරවරු 09.00 අලි අනාථාගාර පරිශ්‍රයේදී සිදු කෙරෙන බව ජේෂ්ඨ පාලක සත්ව සංජය කුමාර රත්නායක මහතා පවසයි.
 
ලෝකයේ ප්‍රථම වතාවට ගෘහස්ථ සිදු වූ නිවුන් අලි උපත මෙය ලෙස සැලකේ.
 
ඉකුත් 2021 වර්ෂය අගෝස්තු මස 31 වෙනි දින සිදුවූ මෙම නිවුන් අලි උපතින් පසු මාස හතරකට පසු පැටවුන් සඳහා නම් තබා ප්‍රසිද්ධ කිරිම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මියගේ හා හා විෂයභාර අමාත්‍යවරයා ඇතුළු ප්‍රදේශයේ දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හෙට (11) දින පෙරවරුවේ සෙත් පිරිත් සජ්ජායනා කිරීමෙන් අනතුරුව සිදුකෙරෙන බව සංජය කුමාර රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

Comments