AMW නවතම Castrol බෙදාහැරීමේ මධ්‍යස්ථානය අනුරාධපුරයේ | සිළුමිණ

AMW නවතම Castrol බෙදාහැරීමේ මධ්‍යස්ථානය අනුරාධපුරයේ

දේශීය රථ-වාහන අලෙවි ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු මෙන්ම ලොව ජනප්‍රිය Castrol (කැස්ට්‍රෝල්) ලිහිසි තෙල් ශ්‍රී ලංකාවේ අලෙවිකරු වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම එහි නවතම බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් පසුගියදා අනුරාධපුරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මේ සමඟින් උතුරු මැද පළාතේ පාරිභෝගිකයින් හට අති නවීන තාක්ෂණයෙන් නිෂ්පාදිත අනර්ඝ මට්ටමේ Castrol ලිහිසි තෙල් සහ ග්‍රීස් නිෂ්පාදන පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව උදා වී ඇත. මෙම නවතම බෙදාහැරීමේ මධ්‍යස්ථානය අනුරාධපුරයේ වන්නියකුලම ප්‍රදේශයේ අංක 259/04/5 දරන ස්ථානයේදී AMWහි කළමනාකරණ අධ්‍යක්ෂ පීටර් මැකෙනිස් මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදි. මෙම අවස්ථාවට සුබපැතුම් එක් කරමින් AMWහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සෙසු සාමාජිකයින්, ප්‍රාදේශීය බෙදාහරින්නන් ද ඇතුළුව විශාල පිරිසක් සහභාගී වූහ. Castrol දශක දෙකක පමණ කාලයක් දිවයින පුරා පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරා ඇති අතර පාරිභෝගිකයන්ට සිය සන්නාමය යටතේ ඇති පුළුල් නිෂ්පාදන පරාසයක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව වැඩි කිරීම සඳහා අඛණ්ඩවම වෙහෙසෙන ආයතනයකි.

Comments