නිරෝධායන මධ්‍යස්ථානයකට හෝටලයක් නොමිලේ දුන් HTS සමූහයට සම්මාන ද්විත්වයක් | සිළුමිණ

නිරෝධායන මධ්‍යස්ථානයකට හෝටලයක් නොමිලේ දුන් HTS සමූහයට සම්මාන ද්විත්වයක්

ජාත්‍යන්තර කීර්තියට පත් සමාගම් ජාලයක් වන සී/HTS සමූහ ව්‍යාපාරය ලොව ප්‍රථම වතාවට හංවැල්ලේ පිහිටි ඔවුන්ගේ අනෝමා හෝටලය කොරන්ටයින් මධ්‍යස්ථානයක් ඇරඹීමට රජයට නොමිලේ ලබාදීම නිසා බිස්නස් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් සම්මාන උළලේදී වසරේ විශිෂ්ටම සමාජසේවා ව්‍යාපෘතියට හිමි සම්මානයෙන් සහ දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ටම සමාජ සේවා ව්‍යාපාරයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. BWIO සම්මාන රාත්‍රිය අමාත්‍ය චමල් රාජපක්ෂගේ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ටාජ්සමුද්‍රා හෝටලයේදීද, SABEA සම්මාන රාත්‍රිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් මොනෑෂ් ඉම්පීරියල් හෝටලයේදීද උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

Comments