දින හයයි ඩෙංගු රෝගීන් 1768යි | සිළුමිණ

දින හයයි ඩෙංගු රෝගීන් 1768යි

දාවූ නව වසරේ මුල් දින හය (06) තුළ පමණක් ඩෙංගු රෝගීන් 1768 දෙනකු වාර්තා වී තිබේ. මේ වනවිට වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් වයස අවුරුදු 5 - අවුරුදු 19 ත් අතර පසුවන පාසල් ළමුන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න සඳහන් කරයි.ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වන දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, මන්නාරම, ත්‍රිමලය, මඩකළපුව, ගාල්ල, මාතර, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල හඳුනාගෙන ඇත. එම නිසාම ජනවාරි 04 - ජනවාරි 10 දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  කාර්යාල 81ක් කේන්ද්‍ර කරගනිමින් විශේෂ මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක වේ. ඩෙංගු වයිරස් ප්‍රභේදයේ කාණ්ඩ 4 ක් මෙරටින් හඳුනාගෙන ඇති නමුත් පසුගිය කාලයේ බහුලව දක්නට ලැබුණේ 2 වැනි කාණ්ඩයේ වයිරස් ප්‍රභේදය බවත් මේ දිනවල වැඩිපුර වාර්තා වෙන්නේ 3 වැනි කාණ්ඩයේ වයිරස් ප්‍රභේදය බවත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න පැවසුවා ය.

Comments