ත්‍රි’මලේ තෙල් ටැංකි සඳහා අලුත් ගිවි­සු­මක් | සිළුමිණ

ත්‍රි’මලේ තෙල් ටැංකි සඳහා අලුත් ගිවි­සු­මක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 3ක් අතර ඉකුත් 6 වැනිදා සිට බෙදී ගොස් තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි 24ක් ද, ඉන්දියානු ලංකා තෙල් සමාගමට ටැංකි 14ක් ද, ඛනිජ තෙල් සමාගමේ පාලිත සමාගමක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61ක් ද වශයෙන් වසර 50ක් සඳහා හිමි වනු ඇත. බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඒ අනුව මේ තෙල් ටැංකි 85කම පාලනය තෙල් සංස්ථාව සතුවන බවයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය 1920 දශකයේදී ඉදි කරන ලද අතර එය අක්කර 827ක වපසරයකින් සමන්විතය. මෙට්‍රික් ටොන් 10,000 බැගින් යුත් ධාරිතාවකින් යුත් තෙල් ටැංකි 100කින් මෙම ටැංකි සංකීර්ණය සමන්විත විය. දෙවන ලෝක යුද සමයේ 1942 අප්‍රේල් 9 වැනිදා එල්ල වුණු ජපන් ගුවන් ප්‍රහාරයක් නිසා එක් තෙල් ටැංකියක් විනාශයට පත් විය.

Comments