ගංජා ටොන් 6ක් ගුවන් හමුදා දැලේ | සිළුමිණ

ගංජා ටොන් 6ක් ගුවන් හමුදා දැලේ

ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකාය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ගංජා වගාවන් වැටලීමේ හා ප්‍රවාහනය කිරීමේ ඒකාබද්ධ ගුවන් මෙහෙයුමක් ඉකුත් ජනවාරි මස 05 සහ 06 යන දෙදින තුළ අම්පාර කුමන රක්ෂිතය තුළදී සිදු කෙරිණි.

ගුවන් හමුදාව මඟින් දිවයිනම ආවරණය වන පරිදි සිදුකරන ගුවන් ආවේශන නිරීක්ෂණ  ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් මත ගංජා වගාව නිරීක්ෂණය කිරීම ගුවන් හමුදා අංක 08 ප්‍රවාහන ගුවන් යානා බළගණයට අයත් එම්.ඒ.-60 ගුවන් යානා මඟින් සිදු වූ අතර එකී ගුවන් යානා මඟින් ලබාදුන් දත්ත විශ්ලේෂණයෙන් අනවසර ගංජා වගාවන් වැටලීම සිදු විණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ අධීක්ෂණයෙන් සිදුවූ වැටලීම්වලදී අත්අඩංගුවට ගැනුණු ගංජා කිලෝග්‍රෑම් 5788ක ප්‍රමාණයක් සහ ස්‍රෙව්ලි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙත එම් අයි 17 ගුවන් යානයකින් අවස්ථා හයකදී ප්‍රවාහනය කෙරුණේ ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරටය.

Comments