එළ­වළු මිල පහ­ළට... | Page 2 | සිළුමිණ

එළ­වළු මිල පහ­ළට...

 පසුගිය සති කිහිපය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගිය එළවළු මිල සැලකිය යුතු ප්‍රමාණයකින් දැන් අඩුවෙමින් පවතී. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිෂ්ටි විජයරත්න සිළුමිණට කියා සිටියේ මිල අඩුවීම අවම වශයෙන් 30%ක පවතින බවය. දඹුල්ලට දෛනික ලැබෙන එළවළු ප්‍රමාණය කිලෝ ලක්ෂ 5 කි. ගොවීන් එළවළු වගා කිරීමට උනන්දු වීම හා කාලගුණ තත්ත්වය යහපත් වීම හේතුකොටගෙන මෙම වෙනස ඇතිව තිබෙන බව කළමනාකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ මැනින් වෙ‍ෙළඳපොළ එළවළු මිල ගණන් පිළිබඳව අදහස් දක්වමින් මැනිං පොදු වෙළෙඳ සංගමයේ අජිත් සිරිලාල් පැවසුවේ 40% කින් එළවළු මිල අඩු වී ඇති බවය.

ඒ අනුව බෝංචි කිලෝවක් රුපියල් 200, කැරට් රුපියල් 250, තක්කාලි රුපියල් 140 ක්, වම්බටු රුපියල් 150, ලීක්ස් රුපියල් 170, රාබු රුපියල් 60 යන මිල ගණන් යටතේ පවතින බවද කීය. මෙම තොග මිල ගණන් අනුව සිල්ලර මිලෙහිද ලොකු වෙනසක් දක්නට ලැබෙන බව ද ඔහු සඳහන් කළේය. මේ සේයාරුවේ දැක්වෙන්නේ කොටුව සිල්ලර වෙළෙඳ පොළේ ඉකුත් සිකුරාදා දසුනකි. (සටහන - චන්දිමා එදිරිමාන්න, සේයාරුව - තුෂාර ප්‍රනාන්දු)

Comments