සලකුණ | සිළුමිණ

සලකුණ

‘අඳුරු එළිමහන’ කවිසරණිය 18 වන දා

 දයා සිරිමාන්නගේ තෙවන කාව්‍ය සංග්‍රහය ‘අඳුරු එළිමහන’ එළි දැක්වීම 2022 ජනවාරි මස 18 අඟහරුවාදා ප.ව. 3.00ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ. මෙහි ප්‍රධාන දේශනය ‘නූතන කවියේ අර්ථ සෞන්දර්යය’ යන මැයෙන් ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් විසින් පවත්වනු ලැබේ.

කිවියර නන්දන වීරසිංහ, ලේඛක තිඹිරියාගම බණ්ඩාර, පරිවර්තක චූලානන්ද සමරනායක, කිවියර සුනන්ද කරුණාරත්න සහ ලේඛක අනුර බී, සෙනෙවිරත්න එදින සංවාද මණ්ඩපයට එක්වේ.


අජිත් පී. ධර්මසූරියගේ කෘති හතරක් 12 දා ජනගත වේ

අජිත් පී. ධර්මසූරියගේ කෘති හතරක් ජනවාරි මස 12 වැනිදා බදාදා පස්වරු 3.00ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේදී ජනගත වීමට නියමිත ය. ධවල ගොසරෑවිය, විප්‍රවාස, පරිදාහය සහ තවත් කෙටිකතා හා Beauty of Innocence නම් කෘති 4 එළිදැක්වෙන මේ උලෙළේ හැඳින්වීම කරනු ලබන්නේ අචාර්ය මංගල ඇටිපොළ ස්වාමීන් වහන්සේ විසිනි. මෙහි මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත් විසින් වන අතර උලෙළ මෙහෙයවන්නේ මහේෂ් නිශ්ශංක විසිනි.


ස්මාර්ට් කූඹියාගේ වළාකුළු සවාරිය 13 සුදර්ශියේදී 

නුවන් කටුගම්පල විසින් රචනා කරන ලද ස්මාර්ට් කුඹියාගේ වලාකුළු සවාරිය කාව්‍ය සංග්‍රහය මේ මස 13 දා සවස 2.00ඒ කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සුදර්ශි - සිංහල සංස්කෘති ආයතනයේදී ජනගත කෙරේ. 46 වැනි මහගම සේකර අනුස්මරණයට සමගාමීව යෞවනයටත් කවියක් යන්න තේමා කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වේ.

මෙහිදි ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත, කථිකාචාර්ය සුමින්ද කිත්සිරි, යන අය මෙහිදි දෙසුම් පවත්වති.

Comments