සතියේ කල දවස | සිළුමිණ

සතියේ කල දවස

මේෂ - විදේශ ගමන්

මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට විදේශයෝග

තත්ත්වයක් එළඹෙනු ඇත. චන්ද්‍රයා 12, 01, 02 යන ස්ථානවල ගැවසීම තුළ සතිය මැද වන විට ආර්ථික වාසි සහගත තත්ත්වයක් පවතී. තම ජීවිතයට නව උපායශීලී මාර්ග තුළින් යහපත උදාවේ. බොහෝ අයගේ ප්‍රශංසාවට ලක්වේ. දණහිසින් පහළ එනම් පාදයේ වළලුකර ආශ්‍රිත උවදුරු පෙනෙන්නට තිබේ.

•අය - 8, වැය - 6, ජය අංකය - 4, ජය වර්ණය - දම්, සුබ දවස - බදාදා

වෘෂභ - නව ආයෝජනයකට මඟ

වෘෂභ ලග්නයට අනුව මෙම සතිය ඔබ ජීවිතයේ සුවිශේෂි ලැබීමකට හේතුයි. චන්ද්‍රයා 11, 12, 01 යන ස්ථානවල ගමන් කිරීමට අනුව නව ආයෝජනයකට ඔබට අත ගැසීමට අවස්ථාව උදාවේ. දරු සම්පත් නව නිවාස හිමිකම් මෙන්ම මඟතොටදි කිසියම් පුද්ගලයෙකුගේ හමුවීම ඉතා වාසනාවන්ත ලැබීමක මූලාරම්භයක් වනු ඇත. තම ජීවිතයේ අප්‍රසාදයට පත්වීමට හේතුවන සිදුවීමකට ද සතිය මැද බලපැවැත්වෙනු ඇත.

හිස ආශ්‍රිත අපල පැමිණෙන අතර අධික සෙම තත්ත්වයකට ද හේතුයි.

•අය - 9, වැය - 8, ජය අංකය - 7, ජය වර්ණය - රෝස, සුබ දවස - බ්‍රහස්පතින්දා

මිථුන - රැකියා උසස්වීම්

මිථුන ලග්නයට අනුව චන්ද්‍රයා 10, 11, 12 යන ස්ථාන පසුකර යාම නිසා සතිය ආරම්භයේදීම වෘත්තීය මට්ටමේ වෙනසක් සිදුවෙයි. එය තනතුරු උසස්වීම වේතනයේ ඉහළ යාමකට හේතුවෙයි. තම අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ කීපයක් ගැනීමට පෙලඹේ. වාහන හිමිකම් නව නිවාසයකට පංදිචියට යාම මෙම සතිය තුළ සිදුවන සුවිශේෂි සිදුවීම්ය. කෙසේ නමුදු දණහිසට අපලය. ප්‍රවේශම් වන්න.

•අය - 8, වැය - 11, ජය අංකය - 2, ජය වර්ණය - කහ, සුබ දිනය - සිකුරාදා

කටක - පෙර පිං මතුවේ

කටක ලග්නයට අනුව චන්ද්‍රයා 9, 10, 11 යන ස්ථානවල ගමන ඔබට ඉතා සුබයි. තම පෙර පිං මහිමය මතුවීම නිසා බොහෝ උසස් දේපළකට හිමිකම් කියයි. එදිනෙදා ජීවිතයේ කාර්ය බහුල වන අතර පුණ්‍ය කටයුතු රැසක් සිදුකිරීමට ද ඔබට අවස්ථාව උදාවනු ඇත. තම සහකරු හෝ සහකාරිය වෙතින් ලැබීමට තිබී අහිමි වූ දේපළක් යළි ඔබට අත්වනු ඇත.

ශරීර සෞඛ්‍යය අතින් උරහිස ආශ්‍රිත උවදුරු බහුල විය හැක.

•අය - 4, වැය - 6, ජය අංකය - 9, ජය වර්ණය - ළා දම්,සුබ දිනය - අඟහරුවාදා

සිංහ - හදිසි අනතුරු

සිංහ ලග්නයට අනුව ඔබට මෙම සතිය මුල් දින දෙක තුන දැඩි ප්‍රවේශම අත්‍යවශ්‍යයි. තුනටියේ ආපදා හදිසි ධන හානි සහිතයි.

කෙනෙකුට දුන් මුදලක් යළි ලබා ගැනීමට නොහැකිවේ. ඒ නිසා මෙම සතිය ගනුදෙනුවලින් වැළකී සිටීම නුවණට හුරුවෙයි. චන්ද්‍රයා 8, 9, 10 ස්ථානවල ගමන් කිරීම නිසා සතිය මැද සිට ඔබට සුබයි. නව වාසස්ථාන හිමිකමක් නව රැකියා ලැබීමක්

හෝ වාහනයක් මිලදී ගැනීමක් පෙන්වයි.

•අය - 4,වැය - 8, ජය අංකය - 7, ජය වර්ණය - ළා කොළ, සුබ දවස - ඉරිදා

කන්‍යා - අවිවාහක අයට මංගල යෝග

කන්‍යා ලග්නයට අනුව ඔබට සතිය ආරම්භය සුබයි. අවිවාහක අයට මංගල යෝජනා විවාහකව සිට විවිධ යුග දිවි ගැටලු වලට මුහුණ දී සිටි අයට ඉන් අත්මිදීමට හැකිවෙයි. චන්ද්‍රයා 7, 8, 9 යන ස්ථානවල ගමන් කිරීම නිසා එසේ වුවද සතිය මැද භාගයේ ප්‍රවේශම් විය යුතුය. සොරසතුරු උවදුරු උදාවෙයි. විරෝධතා පළවෙයි.

වෘත්තීය මට්ටමේ අපවාද චෝදනා ඇතිවෙයි.

•අය - 4, වැය - 6, ජය අංකය - 3, ජය වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

තුලා - නැති නාස්ති වීම්

තුලා ලග්නයට අනුව ඔබට චන්ද්‍රයාගේ ගමන සතිය මුල හා සතිය අග අසුබවෙයි. ඒ චන්ද්‍රයා 6, 7, 8 යන ස්ථාන පසුකර යාම නිසාය.

සතිය මුල අපවාද චෝදනා හා සිත් තැවුල් ද සතිය අග හදිසි මුදල් නැති නාස්තිවීම් ද සහිතයි. ව්‍යාපාරවලදි සිදුවන පාඩු මෙහිදී මුල්තැනක් ගනී. සතිය මැද දින දෙක තුන තුළ අවිවාහකව සිටි අයට විවාහ යෝජනා පැමිණේ. තරුණ තරුණියන්ගේ අදහස් උදහස් බලාපොරොත්තු සපලවේ. යටිබඩ තුනටිය ආශ්‍රිත උවදුරු සහිතවේ.

•අය - 4, වැය - 6, ජය අංකය - 4, ජය වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරාදා

වෘශ්චික - දරුපල වාසනා

වෘශ්චික ලග්නයට අනුව ඔබට සුබයි.

කලක් දරුපල අපේක්ෂාවෙන් සිටි අයට දරුපල උදාවේ. නව ආර්ථික ශක්තියක් ලැබේ. නව ව්‍යාපාරයකට මුදල් යෙදවීමට පෙලඹේ. පිටරට ගමන් බිමන් ද යම් හෙයකින් විදේශගත වීමකට අකමැති අයෙක් නම් ලංකාවේදීම දුරස්ථ පෙදෙසක තම රාජකාරි ඉටු කිරීමට යොදා ගනී. චන්ද්‍රයා 5, 6, 7 යන ස්ථානවල ගමන නව ආදායම් මාර්ගයකට හේතු මතුවේ.

•අය - 2, වැය - 4, ජය අංකය - 5, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - බදාදා

ධනු - සමාජසේවා කටයුතු පල රහිතවේ

ධනු ලග්නයට අනුව චන්ද්‍රයා 4, 5, 6 යන ස්ථානවල ගමන ඔබට සුබයි.

නව නිවාස, වාහන පල උදාවේ. රැකියාවේ ද යම් සුබවාදි වෙනසක් දක්නට ලැබෙයි. සතිය මුල මැද එසේ සුබ වුවද සතිය අග භාගයේ අපල මතු කෙරේ. ඒ අනුව හදිසි ධන හානි පෙන්වයි. සමාජසේවා කටයුතු වලදි වැඩි ශ්‍රමයක් වැඩි කැපවීමක් සිදු කිරීමට පෙලඹීම නිසා ආර්ථික ප්‍රතිලාභ අඩු කෙරේ. ශරීර සෞඛ්‍යයට අනුව යටි බඩේ දොස් පැමිණේ.

•අය - 8, වැය - 9, ජය අංකය - 3, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - බ්‍රහස්පතින්දා

මකර - සෙසු අයගේ සහාය

මකර ලග්නයට අනුව ඔබට යම් දේපළ උරුමයකට හේතුයි.

ඔබට හිමි වන්නට තිබූ අන්සතුව තිබූ වස්තුවකට යළි හිමිකම් කීමට අවස්ථාව උදාවේ. තම ගෘහ ජීවිතයේ සතුට අභිවෘද්ධිය උදාවේ. කොයි කාගේත් සහාය නිසා ලැබීම් උසස්වේ. ඉගෙන ගන්නා වයසේ අයකු නම් උසස් අධ්‍යාපන ප්‍රතිඵල උදාවේ. සම්මුඛ පරීක්ෂණ ආදියට මුහුණ දී සිටි අයගේ සැනසුමට හේතුවන පණිවුඩ ආරංචි ලැබෙන්නට පටන් ගනී.

•අය - 4, වැය - 7, ජය අංකය - 6, ජය වර්ණය - රෝස, සුබ දවස - සිකුරාදා

කුම්භ - ඥාති පාර්ශ්වයේ සහාය

කුම්භ ලග්නයට අනුව චන්ද්‍රයා 2, 3, 4 යන ස්ථානවල ගමන සුබවෙයි. ඒ අනුව ලොතරැයි ජය, තරග විභාග ජය අත්වේ. තමාට උසස් නිලධාරියකුගේ විශේෂ අනුග්‍රහය නිසා ලැබීම් උසස් කර ගැනීමට සුදුසු ව්‍යාපාරයකට පෙලඹීමට හැකිවේ. තම ඥාති පාර්ශ්වයේ බොහෝ අය තමාට සහාය වීමට එක්වන අතර තම ශාරීරික තෙහෙට්ටුව නිසා එදිනෙදා කටයුතු අඩාළ වීම පුළුවන. ශරීර සෞඛ්‍යය අතින් උරහිසට තුනටියට අගුණයි.

•අය - 5, වැය - 7, ජය අංකය - 4, ජය වර්ණය - නිල්, සුබ දවස - සඳුදා

මීන - නිර්මාණශීලී බව දියුණුවේ

මීන ලග්නයට අනුව චන්ද්‍රයා 01, 02, 03 යන ස්ථාන පසුකර යාම ඉතා සුබවෙයි. තම නිර්මාණශීලී බව දියුණුවේ. චිත්‍ර, සංගීත, නර්තන අංශයේ නිරත අයට සුබවාදිවේ. ලොව ජයගත හැකි මාවතකට පිවිසීමට ඇති උනන්දුව වැඩිවේ. කලාතුරකින් ඔබට ලැබෙන වරප්‍රසාදයක් ලෙස දේශපාලන අධිකාරියෙත් බොහෝ පිළිගැනීමකට ද හේතුවනු ඇත.

•අය - 6, වැය - 9, ජය අංකය - 7, ජය වර්ණය - රෝස, සුබ දවස - බදාදා,

Comments