මොරේවියාගේ මේ පොත සිංහලට නැඟෙන්නේ පළමු වතාවටයි | සිළුමිණ

මොරේවියාගේ මේ පොත සිංහලට නැඟෙන්නේ පළමු වතාවටයි

ඇල්බටෝ මොරේවියා ගැන ඔබ විශේෂයෙන් කියවා තිබෙනවා ද?

ඔහු ඉතාලියානු ලේඛකයෙක්. ඔහු ලියූු නවකතාවල මා දකින විශේෂත්වය තමයි සමාජයෙන් පරාරෝපණය විීමේ ගුණය. ඒ වගේම හුදු ලිංගිකත්යෙන් තොර වූු ප්‍රේමය නම් හැඟීම. ඉතාලියානු සාහිත්‍යයේ මුල් තන්හි ලා සැලකෙන ඔහුගේ නවකතා අතර ප්‍රථම නවකතාව “ටයිම් ඔෆ් ඉන්ඩිෆරන්ස්” කතාවෙන් කියවෙන්නේ මධ්‍යම පාන්තික මවක් සහ ඇගේ දරුවන්ගේ සදාචාර පරිහානිය ගැනයි. එය අතිශයින්ම විචාරාත්මකව, උද්වේගකර බවක් ඇති කරන සාර්ථක නවකතාවක් යැයි මා සිතනවා. 

“ටූ ඇඩල්සට්ස්, වුමන් ඔෆ් රෝම්, ඩිස්ඔබිඩියන්ස්, ද කොන්ෆ්‍රොමිස්ට්” යන නිර්මාණ ද පුද්ගල හුදකලාව සහ සමාජයෙන් පරාරෝපණය වීම යන්න තේමා කොටගෙන තිබෙනවා.

විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය සමග පැවැති ඒ යුගයේ ඉතාලියානූ සමාජය තුළ ඒ ජීවන පැවැත්මට අනුගත වීමේ ස්වභාවය ද ඔහුගේ නවකතා තුළ දකින්න පුළුවන්.

නමුත් “එම්ප්ටි කැන්වස් ”නවකතාවෙන් ප්‍රේමය තුළ ද සිය නිර්මාණ කාර්යය තුළ ද අරුතක් දැක ගැනිීමට අසමත් වු චිත්‍ර ශිල්පියෙක් ගැනයි කියවෙන්නේ.

මෑතකදී පරිවර්තනය කළ මොරේවියාගේ කෘතිය කතාව මොනවගේ එකක්ද ?

ඇල්බටෝ මොරේවියාගේ “කන්ජියුගල් ලව්” නම් කෘතිය “විවාහක ප්‍රේමය” නමින් මම සිංහලට පරිවර්තනය කළා. අපි බොහෝ දුුරට විවාහය මුල්කොට ගත් කතා වශයෙන් කියවන්නේ අසම්මත එහෙම නැත්නම් අනියම් ප්‍රේමයක් හා බැඳුනු කතාවල් වුණත් මෙතැන තියෙන්නේ ඊට වඩා වෙනස් කතාවක්.

මෙහි එන කාන්තාව මීට පෙර විවාහ වී සිටි අයෙක් වුණත් මේ නව පුරුෂයාට එය ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ විවාහය තුළදීත් ඇය වෙනත් ප්‍රේමයකත් පැටලෙනවා.

නමුත් මේ සිදුුවීම් හමුවේ ඇගේ සැමියාගේ ඉවසන සුලු ගුණය ඉතාලියානු සමාජයේ ස්වභාවය හැටියටත් අපට සිතන්න පුළුවන්. නමුත් ඊට එහා ගිය මනෝවිද්‍යාත්මක තත්වයක් මා මෙහි දකිනවා.

විවාහ ජීවිතයක් කියන්නේ මුූලික වශයෙන්ම දෙදෙනෙක් අතර පවතින අන්‍යෝන්‍ය මානව සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධය ඇතුළේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩුකම් දෙදෙනාටම පොදු බවත් මතක තියාගන්න ඕනේ. එකෙක් අනිකා ඉවසීිම යන කාරණය මතු වන්නේ මෙතනදී යි. ඒ විිදිහට ගත්තම විවාහය කියන්නේ සානුකම්පිත ආදරයක්.

“විවාහක ප්‍රේමය” කෘතියේ එන ප්‍රධාන චරිතය කතාවක් ලියනවා. ඒ ලියන්නේ ඔවුන්ගේම විවාහයේ කතාව යි. ඒ කතාව ලියන්නට තමන්ගේ දෙවන විවාහය වශයෙන් ඔහුත් සමඟ එකතු වූ ඒ තුළම වෙනත් ප්‍රේමයක් ද ඇති කර ගත්තා වූ ඔහුගේ බිරිඳ ද හවුල් වෙනවා. ඔවුන්ගේ විවාහක ප්‍රේමයේ කතාව ලියවෙන්නේ ඒ විදිහට යි. ඇල්බොටෝ මොරේවියාගේ ඇතැම් නවකතාවක් සිංහල බසට නැගී තිබුණත් මේ නවකතාව සිංහල බසට නැගෙන පළමු වතාවයි මේ.

වර්තමානයේ අපේ රටේ පරිවර්තන සාහිත්‍යයේ පිළිබඳ ඔබට ඇත්තේ මොනවගේ හැඟිමක්ද?

පරිවර්තනයක් කියන්නේ භාෂා දෙකක් අතර සිදුුවන සාහිත්‍යයික ගනුදෙනුවක්. එය නිවැරැදිව සහ නිර්මාණශිීලිව සිද්ද වෙන්න ඕනේ. පරිවර්තකයෙකුට භාෂා දෙකම පිළිබදව මනා අවබෝධයක් තිබිය යුතුයි.

අපේ රටේ අධ්‍යාපනය මුලින් සිද්ද වුණේ මුළුමනින්ම ඉංග්‍රිීසි භාෂාව මුල් කර ගෙනයි.

එතනදී ඉංග්‍රිීසි බස ඉගැන්වීම “මෙතර්ඩ් ඔෆ් ඉන්ග්ලිෂ්” යන පදනම මතයි ඉගැන්විීම සිදු වුණේ. ඒ කාලයේ සෑම ඉගැන්වීමක්ම ඉංග්‍රීසි භාෂාව හරහා තමයි සිදු වුණේ. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න අපට සිදු වුණා. නමුත් පසුව බණ්ඩාරනායක ජයග්‍රහණයත් සමඟ සිංහල රජ බස කිරීම නම් වැඩ පිළිවෙළ නිසා අර ඉංග්‍රිීසි අධ්‍යාපනය කඩාගෙන වැටුණා.

ඉන් පසුව සිංහල පාරිභාෂික වචන නිර්මාණය කිරීමක් ද සිදුු වුණා. ඇතැම් විට දැන හෝ නොදැන ඒ දේ සිදුු වුණා.

උදාහරණයක් හැටියට මෝටර් රථවල එන උපාංගයක් වන “යුනිවර්සල් ජොයින්ට්” යන නම සිංහලට පරිවර්තනය වුණේ සර්ව ලෝක පුූට්ටුව කියල යි. මෙහි තේරුම කුමක් ද?

කොළඹ නගරයේ ඇල්බට් ක්‍රසන්ට් නම් අයෙක් විසූ පාර ඇල්බට් ක්‍රසන්ට් රෝඩ් යන්න සිංහලට පරිවර්තනය වුණේ “ඇල්බට් චන්ද්‍රවංකය” කියල යි.

මෙතැන වෙලා තියෙන්නේ ක්‍රසන්ට් කියන නම එහි සිංහල තේරුම අනුව චන්ද්‍රවංකය කියා පරිවර්තනය කිරීම යි. ඒක හරියට “ඩේවිඩ් කොපර් ෆිීල්ඩ්” කියන නම ඩේවිඩ් තඹකුඹුර කියා පරිවර්තනය වුණා වගේ දෙයක්.

අද වන විට පරිවර්තන කාර්යය විෂයක් වශයෙන් විශ්ව විද්‍යාල මට්ටමින් පරිවර්තන විධි ක්‍රම හැටියට උගන්වනවා.

නමුත් මම අහන්නේ පරිවර්තනයට අදාළ වන භාෂා උගන්වන්නේ නැතිව විධි ක්‍රම පමණක් ඉගැන්විීමේ තේරුම කුමක් ද කියලයි.

උදාහරණයක් හැටියට ඉංග්‍රිීසි ගුරුවරුන්ට ඉංග්‍රීිසි භාෂාව ඉගැන්වීම පසෙක තබා ඉගැන්වීමේ විධි ක්‍රම පමණක් ඉගැන්වීමෙන් නිසි ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් ද? වර්තමාන පරිවර්තන සාහිත්‍යය තුළ දෝෂ දකින්න පුළුවන්කමක් තියෙනවා.

ඊට හේතුව හැටියට මා දකින්නේ අදාළ භාෂා පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ඇතැම් පරිවර්තකයින්ට නැති කමයි. ඒ වගේම තවත් අය “ගූගල් ට්‍රාන්ස්ලේෂන්ස්” ක්‍රමයටත් පරිවර්තන කටයුතු කරන බව අසන්නට ලැබෙනවා. මේක හරිම කනගාටුදායක තත්වයක්.

ඔබගේ සෙසු සාහිත්‍යයික කටයුතු පිළිබඳව ද විස්තරයක් කළ හැකි ද? 

මුලින්ම මම ස්වතන්ත්‍ර නිර්මාණ සාහිත්‍ය කෘති ලිවීමයි කළේ. වෘත්තීය ජිවිතයෙන් විශ්‍රාම ලැබුවාට පසුව පරිවර්තන සාහිත්‍ය නිර්මාණයටත් යොමු වුණා. මීට පෙර අවස්ථාවක “යතුර” නමින් ජපන් සාහිත්‍ය කෘතියක් ද පරිවර්තනය කොට තිබෙනවා.

එහි කතාව ද ඇල්බොටෝ මොරේවියාගේ මා පර්වර්තනය කළ කෘතියේ කතාවට සමානකම් තිබුණත් එහි සමාජ සංස්කෘතික වෙනස්කම් ද තිබෙනවා.

ඉදිරියේදී හෙර්මන් හෙසගේ “සිද්ධාර්ථ” නවකතාවද සිංහලට පරිවර්තනය කරන්නටත් මා කටයුතු කරමින් සිටිනවා.

සිද්ධාර්ථ මීට පෙරත් සිංහලට පරිවර්තනය වී තිබෙනවා නේද?

සිද්ධාර්ථ නවකතාවෙන් කියවෙන්නේ බුද්ධ චරිතය යැයි වරදවා වටහා ගත යුතු නෑ. එහි දාර්ශනික අරුත් තිබෙනවා. දර්ශනවාදී පසුබිමක් තිබෙනවා.

මෙන්න මේ කරුණු සැලකිල්ලට අරගෙන තමයි සිද්ධාර්ථ සිංහලට පරිවර්තනය කරන්න මම හිතුවේ. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා.

Comments