ටික් ටොක් වීඩියෝවක් නිසා දිවි අහිමි වූ තරුණයා | සිළුමිණ

ටික් ටොක් වීඩියෝවක් නිසා දිවි අහිමි වූ තරුණයා

ටික් ටොක් වීඩියෝවක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.
 
ඊයේ(03) දහවල් කාලයේ දී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු වීම හේතුවෙන් අදාළ 17 හැවිරිදි තරුණයාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
 
එහි දී ඔහු මිය ගොස් ඇත. 
 
ඝාතනයට ලක් වූ තරුණයා  ඔහුගේ යහළුවන් දෙදෙනෙකු මාදම්පිටිය මාර්ගයෙන් හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට ගමන් කරමින් සිටියදී ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් කිසියම් පිරිසක් අතර ඇතිවූ මතගැටුම දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
 
අනතුරුව සැකකරුවන් එම ස්ථානයෙන් පලාගොස් ඇත.
 
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Comments