උදලු පහරට කාන්තාවක් මරුට | Page 2 | සිළුමිණ

උදලු පහරට කාන්තාවක් මරුට

බුත්තල කුමාරගම ප්‍රදේශයේ කාන්තාවකට උදැල්ලකින් පහර දීම හේතුවෙන් වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇත.
 
පෙරේදා (04) දහවල් මෙම පහර දීම සිදු වී ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා එම කාන්තාව කරාපිටිය රෝහලට යවා ඇති අතර එහිදී ඊයේ (05) උදෑසන එම කාන්තාව මිය ගොස් ඇත
 
මෙලෙස මිය ගොස් ඇත්තේ කුමාරගම පැල්වත්ත පදිංචි වයස 26 ක කාන්තාවකි.
 
මෙම කාන්තාවගේ අනියම් සැමියා අතර ඇති වූ ආරවුලකින් අනියම් සැමියා විසින් මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි
 
මෙම පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන්  පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා   බුත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි

Comments