ගෑස් ප්‍රශ්න­යේදී තමන්ගේ ආර­ක්ෂාව වෙනු­වෙන් ප්‍රායෝ­ගිකව ක්‍රියා­ත්මක වෙන්න | සිළුමිණ

ගෑස් ප්‍රශ්න­යේදී තමන්ගේ ආර­ක්ෂාව වෙනු­වෙන් ප්‍රායෝ­ගිකව ක්‍රියා­ත්මක වෙන්න

 

සුගිය සතිය පුරා ගෑස් කාන්දු වීමෙන් රට පුරා අවිනිශ්චිත සහ බිහිසුණු තත්ත්වයක් ඇති විය. මෙහි සැබෑ තත්ත්වය කුමක්ද ගෑස් කාන්දු වීම සිදු වන්නේ සාන්ද්‍රණයේ යම් වෙනසක් නිසාද එසේ නැතිනම් කුමන කාරණාවක් නිසාද යන කරුණ සම්බන්ධයෙන් විද්‍යානුකූල පැහැදිලි කිරීමකදී මේ එල්පී ගෑස් යනු කුමක්ද යන කාරණාව අපි මුලික වශයෙන් හඳුනාගත යුතුය. ද්වීකරණයකරණ ලද, ස්වභාවිකව ලැබුණු පෙට්රොලියම් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් අතුරු ඵලයක් ලෙස සකස් කරන ලද්දකි. සංයුති දෙක පීඩනයකට යටත් කර ද්‍රවීකරණය කිරිමක් කරයි. මෙය එල්පිජි යනුවෙන් හඳුන්වයි. මේ එල්පී ගෑස් සංයුතිය ඊතෙන් සිට කන්ටේන් දක්වා සංඝටක වෙයි.

c2 සිට c5 දක්වා සංඝටක වන අතර c6 ඉතා සුළු ප්‍රමාණයක් වෙයි. අසම්තෘප්ත සංඝටකයන්ට ද සුළු වශයෙන් වෙයි. කාබන් අංකයක් ලෙස නම් කිරීමේදී c3 සහ c 4 ගෑස්වල සංයුතියයි. එමෙන්ම පිරිපහදු කළ විට මේ සංඝටකයන් වෙන වෙනම ටැංකිවල බහා තබන අතර ඉන් අනතුරු අවශ්‍යතාව අනුව මිශ්‍ර කර ලබාගත හැකිය.

අපේ රටට එල්පී ගෑස් ආනයනය කිරීමේදී අදාළ ආයතන විසින් එල්පී ගෑස් රවුම් හැඩයකින් යුතු ටැංකි වලින් විශේෂිත නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබයි. එල්පි ගෑස් නැවට පැටවීමට ප්‍රථමව ස්වාධීන නිරික්ෂණ ආයතනයන් විසින් නිරික්ෂණය කරනු ලබයි. එම අවස්ථාවේදී නියමිත සංයුතිය සහ ප්‍රමාණයන් මඟින් එහි තත්ත්වයන් පිළිබඳව සහතිකය නිකුත් කරනු ලබයි. පසුව ඒ ගෑස් මෙරට ආනයනය කිරීමෙන් අනතුරුව පැටවුම් අවස්ථාවේදී මෙන්ම මෙරටට ගොඩබෑම් සිදුවන අවස්ථාවේදීත් ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායම් විසින් තත්ත්ව සහතිකයන් නිකුත් කරනු ලබයි.

එමෙන්ම මෙරටට නිකුත් කිරීමට ප්‍රථමව පැටවුම් අවස්ථ­ාවේදි ලබාදුන් සහතික එක සමාන විය යුතුයි. එය සාමාන්‍ය එල්පී ගෑස් ආනයනික ක්‍රමවේදයයි. මෙරටට ගොඩබෑමෙන් අනතුරුව මෙරට ආනයනික අදාළ ආයතනයන් විසින් ඒ ආයතනවල ටැංකිවලට පුරවා ගනු ලබයි. ප්‍රමිති පරික්ෂාවේදි අන්තර්ජාතික පිළිගත් ක්‍රමවේදයන්ට අනුව මෙහි තත්ත්ව සහතික කරනු ලබයි.

එල් පිජි ගෑස් ගෙන්වීමෙන් අනතුරුව සාමාන්‍යයෙන් වෙනත් සංඝටක සමඟ මිශ්‍ර කිරීමක් නොකරයි. අපනයනයෙන් පසුව එවා බෙදා හැරිම සිදුවෙයි. මේ එල්පීජී සංයුතිය පිළිබඳව යම් කෙනෙක් එකඟ නොවන්නේ නම් අදාළ ආයතන විසින් එල්පීජි තත්ත්ව පරීක්ෂාවට ලක් කළ හැකිය.

ජාත්‍යන්තරව පිළිගත් මේ ක්‍රමවේදයන් නියමාකාරයේ පිළිපැදිය යුතුය. මේ සාම්පල් පරික්ෂාව කරන්නේ ද්‍රව තත්ත්වයන් යටතේදී කරනු ලබයි. එයට හේතුව මේ වායු දෙක බීකරයකයට දැමූවිට වාෂ්පීකරණය සිදු වෙයි. ඒ හෙයින් මේ සාම්පල් පරික්ෂා කරනු ලබන්නේ ද්‍රව තතත්ත්වයෙන්ය.

වායු කොටස පරික්ෂාවට බදුන් නොවෙයි. ගෑස් සිලින්ඩරයක සාම්පල පරික්ෂාවක් කිරීමේදී ද්‍රව ලෙස 80% වන අතර වායු 20% හිස් අවකාශයක් පවතී. ප්‍රොපෙන් තාපාංකය අඩු වෙයි.

සිලින්ඩරයේ උඩින් සාම්පල ගත් විට වායු කොටසේ ප්‍රොපෙන් සංයුතිය වැඩිවීම නිසා ඒ අනුව නිසි සංයුතිය මැන ගැනීමේ හැකියාවක් නැත.

ගෑස් සමාගම්වලට ගෑස් සංයුතිය වෙනස් කිරීමේ හැකියාවක් නැති බවට සඳහන් කළ හැකිය. එසේ නම් සංයුතිය වෙනස් කළ හැකි ආකාරය පැහැදිලි කළ යුතු අතර එය කරන්නේ කෙසේද යන කාරණාව පැහැදිලි කළ යුතුය මේ සමාගම්වලට හැකිවන්නේ ආනයනික ගෑස් සිලින්ඩරයන් පිරවීම පමණයි. විශේෂයෙන් කිව යුතු කරුණක් නම් 100% ප්‍රොපෙන් පීඩනය දරා ගැනීමේ හැකියාවක් වෙයි.

සිලින්ඩරයකට ප්‍රොපෙන් 100% පිරවුවද ටැංකි පිපිරීමට හැකියාවක් නැත. ඒ නිසා ටැංකි පිපිරීමට කිසිදු අවකාශයක් නැත.

පාවිච්චි කළ සිලින්ඩරයක නොව පාවිචිචි නොකළ සිලින්ඩරයක් පරීක්ෂාවට භාජනය කළ යුතුය.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ යම් පිපිරීම් සිදු වී ඇති අතර ඒ කිසිදු අවස්ථාවකදී සිලින්ඩරයන් පිපිරිම් සිදුවී නැත.

එහෙත් යම් ප්‍ර වේශම් වීමක් පවතින තත්ත්වයත් හමුවේ කළ යුතුව ඇත. ගෑස් සිලින්ඩරයකින් ගෑස් කාන්දුවක් වෙයි නම් එහි තදබල ගඳක් නිකුත් වෙයි. එල්පි ගෑස්වල කිසිදු ගන්ධයක් නැති අතර එහෙත් යම් ගඳක් මිශ්‍රකර ඇත.

එතිල් ම කැප්ටන් එයට මිශ්‍ර කර ඇත. මෙහි යම් ගන්ධයක් පවතී. එය කොටස් මිලියනකට කොටස් 26ක් ලෙස මිශ්‍ර කරනු ලබයි.එනම් ppm26 එයට එන්නත් කරනු ලබයි. කාන්දුවකදී ගඳක් නිකුත් වෙයි. එය ගෑස් වහනයක් සිදුවන්නේ දැයි හඳුනා ගැනීමට ඇති හොඳම ක්‍රමවේදයයි.

අපි මිලදී ගනු ලබන සිලින්ඩරයක් වටා යම් පියනයක් වෙයි. සිලින්ඩරය රෙගියුලේටරයට සවි කිරීමේදී පමණක් එම ප්ලාස්ටික් පියන ඉවත් කරයි. රෙගිව්ලේටරය ගැලවූ වහාම එම පියනින් වැසිය යුතුයි.

අපිට අවශ්‍ය නම් සවි කිරීමෙන් අනතුරුව යම් ගඳක් වහනය වන්නේ නම් සවි කළ පසුව පමණක් සබන් පෙණ යම් ප්‍රමාණයක් විවෘත කරන ස්ථානය රෙගියුලේටරය අවට දැමිය යුතුයි. සබන් මිශ්‍ර ජලය මඟින් මේ ගෑස් කාන්දුව පිළිබඳ නිශ්චයක් ලබා ගැනීමට හැකි තහවුරු කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් නැත.

කෙසේ වෙතත් රෙගියුලේටරයට සම්බන්ධ කරනු ලබන ස්ථානය වියළි ස්ථානයක් වන අතර සබන් පෙණ යොදා තෙත් කිරීමෙන් අනතුරුව මේ රෙගියුලේටරය සම්බන්ධ කිරීම එතරම් සුදුසු නොවෙයි.

මෙය විද්‍යාත්මකව තවම ඔප්පු කර නැති වුවත් සිලින්ඩරයේ මුඳුනේ ඇති වියළි මුද්‍රා කරන ලද ඇසුරුමේ රෙගියුලේටරය සම්බන්ධ කළ යුතු වන අතර එය සිදු කළ යුත්තේද වියළි ස්වභාවයක් මතය.

නමුත් අපි සිලින්ඩර ගලවා සීල් කරන ලද ස්ථානයට සබන් මිශ්‍ර ජලය යෙදීමෙන් සිදුවන්නේ මෙය ගෑස් සිලින්ඩරයේ වියළි මතුපිට යම් තෙතමනයක් ඇති වීමයි. තෙත සහිත සිලින්ඩරයේ විවෘත කරන ලද ස්ථානයට යම් බලපෑමක් ද විය හැකි බවට සැකයක් පවතී. පිපිරිමේ හැකියාව වැඩිවී ඇති මෙවැනි අවස්ථාවක ඒ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුයි.

රෙගියුලේටරය සම්බන්ධ කළ සිලින්ඩරයේ යම් යම් ස්ථානයන්ට සබන් මිශ්‍ර ජලය යොදා බැලිය හැකියි. එහෙත් ගෑස් ටැංකියක බින්දු බින්දුව කාන්දු වීමෙන් එකවර පිපිරීමක් ඇති විය නොහැකියි. පීඩන නියාමකයක් වන රෙගියුලේටරයේ ටැංකියේ පීඩනය යම් නියාමනයක් අනුව මුදා හරී.

ප්‍රොපෙන් වැඩිවුවත් පීඩනයක් දැනුණත් ටැංකිය තුළ නියාමනයක් සිදුවීම නිසා කිසියම් පාලනයකින් යම් ධාරාවක් පමණක් එළියට නිකුත් කරයි.

රෙගියුලේටරය මඟින් යම් නියාමනයක් සිදුකරන හෙයින් ටැංකියේ පීඩනයක් සිදු වුවද රෙගියුලේටරය මඟින් එය පාලනය කරයි. එසේනම් ටැංකිය පුපුරා යන්නේ කෙසේද යන්න ගැටලුවකි. මෙතෙක් මෙරට ටැංකිය පිපිරීමක් සිදුවී නැත.

විශේෂයෙන් කිව යුතු කරුණක් නම් ගෑස් සිලින්ඩරය සහ ගෑස් ටැංකියේ රෙගියුලේටරය සහ සම්බන්ධ වන බටය සම්බන්ධයෙන් අපි සැලකිලිමත්විය යුතුයි. එයට කාරණා කිහිපයක් බලපානු ලබයි.

ගෑස් සිලින්ඩරයක් පාවිච්චි කිරීමේදී වඩා සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් වෙයි. සිලින්ඩරයට සම්බන්ධ කළ දින සිට වසර දෙකක කාලයක් ගෑස් ලිප සහ සිලින්ඩරය සම්බන්ධ කරන බටය පාවිච්චි කළ යුතුය. එමෙන්ම සිලින්ඩරය ලබාගත් ආයතනය අනුමත කරන ලද ප්‍රමිතියෙන් යුතු බටයක් සහ රෙගියුලේටරයක් ලබාගත යුතුය.

සිලින්ඩරය ගත් ආයතනයේ නිර්දේශිත බටයක් ඒජන්ත හරහා ලබා ගත හැකි නම් එහි යම් ප්‍රමිතියක් සහ වගකීමක් වෙයි.

සිලින්ඩරයේ යම් ගෑස් කාන්දුවක් සිදුවන්නේ නම්, ගෑස් ගඳක් ඇත්නම් සියලු දොර ජනේල විවර කළ යුතුයි. කාන්දුවන ගෑස් සිලින්ඩරය යුතුයි. මේ දිනවලදී රෙගියුලේටරයෙන් රාත්‍රියේදී වසා දැමීම න් මුලින් ම මුදා හැර ඉන් අනතුරුව පියනින් වැසිය යුතුය. සිලින්ඩරය අදාළ ස්ථානයෙන් ඈත් කළ යුතුය. ගෑස් වහනය වූ ප්‍රදේශයෙන් පැය බාගයක් පමණ ඉවත්ව සිටිය යුතුය.

ගෑස් කාන්දු වීමෙන් අනතුරුව පිපිරිමකට කාරණා තුනක් සම්පූර්ණ විය යුතුයි. වාතයේ වන ගෑස් යම්කිසි සාන්ද්‍රණයක් එනම් 2 සිට 10 %, දක්වා ප්‍රමාණයක් තිබිය යුතුයි. වාතය එනම් ඔක්සිජන් තිබිය යුතුයි. ගිනි දැල්වීමකට ආධාරකයක් තිබිය යුතුයි.

මේ කරුණු තුන සම්පූර්ණ වුවහොත් පිපිරිම සිදුවෙයි. විශේෂයෙන් ගෑස් වාතයට වඩා බරින් වැඩියි. කාන්දු වීමෙන් පසුව පොළොවේ මට්ටමේ තැන්පත් වීමක් සිදු වෙයි.

ඒ නිසා යම් කිසි දැල්වීමට සහය වන පුංචි උපකාරකයක් හෝ ලැබුණහොත් පිපිරීම වැනි තත්ත්වයක් ඇති වෙයි. ගෑස් කාන්දුවක් සිදුවී ඇති අවස්ථාවලදී විදුලි ස්විච්, පරණ ශිතකරණ හරහා සිදුවන විද්යුත් සංචරණ ක්‍රියාවලියකදී පවා මේ ගිනි ගැනීම සිදුවිය හැකියි.

ගෑස් කාන්දුවක් සිදුවෙමින් පවතින අවස්ථාවකදී පරිසරය තුළ ඇති කිසිදු විද්යුත් උපකරණයක් හෝ ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීම නොකළ යුතුයි. ගෑස් කාන්දු වී අවට වාතයේ පවතින අවස්ථාකදි ඉතා විශාල ශබ්දයක් ඇතිව පිපිරිමක් සිදු විය හැකියි.

කාන්දුව සිදුවෙමින් පවතින විට විශාල වශයෙන් ගෑස් කාන්දු වන්නේ නම් පමණක් ගිනි නිවීමේ හමුදාව දැනුම්වත් කිරීමක් කළ යුතුයි. කිසිදු විටක ගෑස් සිලින්ඩරය පුපුරා නොයන අතර ගෑස් සිලින්ඩරය තුළ 100% එල්පී ගෑස් වන නිසා මේවා ගිනි ගැනීමට නම් 2%-10% මට්ටමක තිබිය යුතුයි.

ටැංකියක් තුළ ගිනි ගැනීමක් සිදු නොවෙයි. ටැංකි ඉතා හොඳ ප්‍රමිතියක් යටතේ සකස් කර ඇත.

ඒ මෙන්ම ගෑස් ආයතන ද ටැංකියේ ප්‍රමිතිය සහ තත්ත්වය පිළිබඳව සැලකිලිමත්ව වරින් වර ටැංකි නඩත්තු කළ යුතුයි. සාමාන්‍ය යෙන් මෙරටට ගෙන්වීමෙන් අනතුරුව ගෑස් සිලින්ඩරයකට ගෑස් පිරවීමෙන් පසුව තත්ත්ව පාලනයක් සිදුවෙයි. ලෝකයේ පුරා එය සිදු වෙයි.

පුරවපු ටැංකිය ස්වයංක්‍රීය වායු මනින උපකරණයකින් පරීක්ෂා කරනු ලැබෙයි. එහිදි යම් පිපිරීමකට අවකාශ ඇති ටැංකි ඉවත් කෙරෙයි. ඉන් අනතුරුව ජලය පිරවු ටැංකියක් මත නිරික්ෂණය වෙයි. එහිදි බුබුළු දැමුවහොත් යළි එම ටැංකි ඉවත් කෙරෙයි. මේ ආකාරයට මේ ගෑස් ටැංකි වෙළෙඳ පොළට නිකුත් කරන තෙක් විශාල ක්‍රියාදාමයක් පවතී.

වර්තමානයේ ගෑස් කාන්දු වී පිපිරීම් සිදුවන මේ තත්ත්වය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් කිව නොහැකි වුවත් විද්‍යාත්මකව විෂය සම්බන්ධයෙන් හැදෑරිම් කළ අයකු ලෙස සහ අත්දැකිම් අනුව ටැංකියක් පුපුරා යෑමක් සිදු නොවන බව නිශ්චිතව කිව හැකියි. සංයුතියන් වෙනස් කිරීමෙන් හෝ ගෑස් ටැංකි පුපුරා යාමක්ද සිදුවිය නොහැකිය. එසේ නමුත් ගෑස් ටැංකි වල යම් කාන්දුවක් නිසා පසුගිය දිනවල පිපිරිම් වාර්තා වූ බව කිව හැකියි. එහෙත් කලින් සඳහන් කළ ආකාරයට මේ පවතින තත්ත්වය හමුවේ විශේෂයෙන් ප්‍රමිතියක් නැති යුතුයි. මේ දිනවලදී රෙගියුලේටරය රාත්‍රියේදී වසා දැමීම න් භාවිත කිරීම සහ විශේෂයෙන් ගෑස් කුකරයට සම්බන්ධ කරන බට සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. සබන් පෙණ දමමින් පරීක්ෂා කිරීමේදී වියළි ගෑස් සිලින්ඩරයේ විවෘත කරන ස්ථානයට තෙත් කිරිමෙන් අනතුරුව යම් ගැටලුවක් ඇතිවීමට අවකාශ තිබේද යන්න සැක නිසාය.

යුතුයි. මේ දිනවලදී රෙගියුලේටරය රාත්‍රියේදී වසා දැමීම සම්බන්ධ කිරීමෙන් අනතුරුව වටේට සබන් වතුර දැමිය හැකියි. නමුත් ගෑස් සිලින්ඩරයේ රෙගිව්ලේටරය සම්බන්ධ කරන ස්ථානයට සබන් ජලය දැමීම එතරම් සුදුසු නොවෙයි.

නිවසේ ගෑස් ලිප්වලින් යම් කාන්දුක් විමක් සිදුවෙන්නේදැයි පරික්ෂා කර බලා නිතර සැලකිලිමත් විය යුතුයි. මේ දිනවලදී රෙගියුලේටරය රාත්‍රියේදී වසා දැමීම කළ හැකියි. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එය සිදුවීමට නිශ්චිත හේතුව සොයාගන්නා තෙක් මේ අවස්ථාවේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉහත සඳහන් කළ සරල, ප්‍රායෝගික ක්‍රමවේද අනුගමනය කළ යුතුය.

Comments