බායි... ජැක් ඩාර්සි | සිළුමිණ

බායි... ජැක් ඩාර්සි

ජැක් ඩාර්සි කිව්වට අපේ රටේ වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඒත් ට්වීටර් සමාජ ජාලය නම් සැල­කිය යුතු පිරි­සක් භාවිත කර­නවා. ජැක් ඩාර්සි කියන්නේ ට්වීටර් සමාජ ජාලයේ සම නිර්මා­තෘ­ව­ර­යෙක්. තව­මත් වයස 45ක් වන ඔහු ද  අයත් වන්නේ මාර්ක් සක­ර්බර්ග්ලා වගේ මේ ලෝකය වෙනස් කළ පර­ම්ප­රා­ව­ටයි. සමාජ මාධ්‍ය නම් දැනට කිසිම ආකා­ර­ය­කින් වැට­වල් බැඳිය නොහැකි මානව අද­හස් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය ලෝක­යට හඳුන්වා දෙන්න විශෘල මෙහෙ­යක් කළ අය අත­රට ජැක් ඩාර්සි ද අයත් වෙනවා.  
කෙහොම වුණත් පසු­ගි­යදා ජැක් ඩර්සි ට්වීටර් සමා­ග­මෙන් ඉවත් වූවා. ඔහු ඒ සඳහා හේතු වශ­යෙන් දැක්වූයේ ‘දැන් හොඳ­මට ඇති‘ වගේ අද­හ­සක් පම­ණයි. මේ වෙනස් අද­හස් සහිත දක්ෂ මිනි­සුන් බොහෝ දුරට තමන් වෙනු­වෙන් තවත් අර­මුණු පහ­සු­වෙන් ඇති කර ගන්නවා. ඒ වගේම හැම­දා­මත් වෙන අන්ද­මට ජැක් ඩාර්සි­ගෙන් හිස්වූ ධූරය ඉන්දි­යා­නු­ව­කුට ලැබෙ­න්නට ඉඩ තිබෙන බව තමයි කිය­වෙන්නේ. 

Comments