ශ්‍රී ලාංකික ප්‍රියන්ත පාකිස්ථානයේදී ඝාතනය කෙරේ | Page 2 | සිළුමිණ

ශ්‍රී ලාංකික ප්‍රියන්ත පාකිස්ථානයේදී ඝාතනය කෙරේ

පාකිස්ථානයේ රැජ්කෝ කර්මාන්ත සමාගමේ සාමාන්‍යාධිකාරිවරයකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා එම සමාගමේම සේවකයන් පිරිසක් විසින් පහර දී ඝාතනයට ලක් කර ඇත. මෙම සිදුවීම දෙසැම්බර් 3 වැනිදා පෙරවරුවේ සිදුවී ඇත්තේ පාකිස්ථානයේ සියැල්කොට් ප්‍රදේශයේය. සිය ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් පහරදීම සිදු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය හෙළි කර තිබේ. පේරාදෙණිය සරසවියේ උපාධිධාරියකු වන ප්‍රියන්ත කුමාර ගේ මරණය සම්බන්ධයෙන් පාකිස්ථාන රජය දැනටමත් කනගාටුව පළ කර තිබේ. පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති උස්මාන් බස්දර් ප්‍රකාශ කර ඇත්තේ මෙය අතිශය ශෝකජනක සිද්ධියක් බවය. නීතිය අතට ගෙන ක්‍රියා කළ සියලු දෙනාටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව මහ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Comments