රථ­වා­හන තද­බ­ද­යට පදි­ක­මා­රුත් හේතු­වක් | Page 3 | සිළුමිණ

රථ­වා­හන තද­බ­ද­යට පදි­ක­මා­රුත් හේතු­වක්

කොළඹ නගරයේ අධික රථවාහන තදබදයට පදිකමාරුද ප්‍රබල හේතුවක් වී ඇතැයි කොළඹ නාගරික රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩබ්ලිව්. බණ්ඩාර සිළුමිණට කීය.

කොළඹ නාගරික සීමාවේ පමණක් පදික මාරු 649ක් තිබෙන අතර පෙලිකන් පදික මාරු 97ක් (වර්ණ සංඥා අනුව පදිකයා මාර්ගය හරහා යා යුතු) ස්ථාපිතව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එම නිසා රථවාහන තදබදය වැඩිවීමට එය ප්‍රධාන හේතුවක්ව ඇති බවත් එවන් ස්ථානයන්ට ගුවන් පදිකමාරු හෝ උමං මාරු සැකසීමට අදාළ ආයතනවලට  උපදෙස් ලබා දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. මාර්ග සංවර්ධන අධිකාරිය, කොළඹ නගර සභාව ඇතුළු ආයතන කිහිපයක් කොළඹ නගරයේ මහාමාර්ග හා රථවාහන පාලන කටයුතු වෙනුවෙන් සම්බන්ධ වන හෙයින් එම ආයතන ඒ වෙනුවෙන් මුල් වී කටයුතු කළ යුතු බවද ඔහු පැවසුවේය.

එමෙන්ම කොළඹ නගරයේ පාසල් වෙත දිනකට රථවාහන 90,000ක් පමණ පැමිණෙන බවත් බහුතර රථවාහන නවතා තැබීමට ස්ථාන නොමැති වීමද තදබදයට හේතුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

Comments