මුදල් ඇමති බැසිල් රාජපක්ෂයන් ඉන්දියානු සංචාරයක් සාර්ථකව නිම කරයි | සිළුමිණ

මුදල් ඇමති බැසිල් රාජපක්ෂයන් ඉන්දියානු සංචාරයක් සාර්ථකව නිම කරයි

න්දීය මුදල් සහ ආයතනයික කටයුතු ඇමති නිර්මලා සීතා රාමන්ගේ ඇරයුමක් අනුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂයන් දෙසැම්බර් 1 සහ 2 දෙදින තුළ නවදිල්ලි නුවර සාර්ථක නිල සංචාරයක නිරතවිය. ඒකාබද්ධ සාකච්ඡා වට 2ක් මෙහිදි පැවති අතර ඉන්දීය විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්ද එයට එක්වීම විශේෂත්වයකි. ඇමති බැසිල් රාජපක්ෂයන් ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා සමඟද ද්වි පාර්ශ්වික සාකච්ඡා වටයක් වෙනමම පවත්වනු ලැබිය. එමෙන්ම ඇමති බැසිල් රාජපක්ෂයන් ඉන්දීය ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පිළිබඳ ඇමති හර්දීප් සිං පූරි සහ ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් ඩොවාල් යන මහත්වරුන්ද හමු වූහ. මෙම අවස්ථාවන්ට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩද එක්විය.

Comments