ඔමි­ක්‍රෝන් රෝගි­යෙක් ශ්‍රී ලංකා­වෙනුත් | සිළුමිණ

ඔමි­ක්‍රෝන් රෝගි­යෙක් ශ්‍රී ලංකා­වෙනුත්

මුළු ලොවම අවධානයට ලක් වූ කොවිඩ් 19 රෝගයේ නවතම ප්‍රභේදය වන ඔමික්‍රොන් වයිරසය ආසාදනය වූ ප්‍රථම රෝගියා හඳුනා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත් සිකුරාදා සමත් විය. මෙම පුද්ගලයා දකුණු අප්‍රිකාවේ සංචාරය කළ ශ්‍රී ලාංකිකයෙකු බව හෙළි විය.

මේ වන විට ලොව පුරා රටවල් 56කට අධික සංඛ්‍යාවකින් මයික්‍රොන් ආසාදිතයන් වාර්තා වී ඇති අතර ඒ අතර ඉන්දියාව මෙන්ම ඇමරිකාවද වේ.

මේ පිළිබඳ කළ විමසීමකදී ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි සිළුමිණට කියා සිටියේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන සංචාරකයන් සඳහා විශේෂිත ආරක්ෂිත ක්‍රමයක් ක්‍රියාවට නංවා ඇති බවය.

ඉකුත් නොවැම්බර් 27 වැනිදා සිට දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ස්වාසිලන්තය, නැම්බියාව, සිම්බාබ්වේ සහ ලෙසොතො යන රටවල් හයේ සිට ලංකාවට පැමිණෙන ගුවන් මඟීන්ට මෙරටට ඇතුළුවීම තහනම් කර තිබේ. එහෙත් නයිජීරියාව එයට අයත් නොවේ.

 

 

Comments