අන්තර් ජාතික ගුවන් සේවා 25ක් මෙරට මෙහෙයුම් අරඹයි | සිළුමිණ

අන්තර් ජාතික ගුවන් සේවා 25ක් මෙරට මෙහෙයුම් අරඹයි

 න්තර් ජාතික ගුවන් සමාගම් 25ක් මේ වන විට ශ්‍රී ලංකාවට යළි මෙහෙයුම් ආරම්භ කර තිබේ. මේ කසකස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් දෙසැම්බර් 01 වැනිදා ආරම්භ කරමින් එයාර් අස්තානා ගුවන් යානයේ මංගල ගමන සනිටුහන් කර කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී එය සම්ප්‍රදායානුකූලව පිළිගත් අන්දමයි. එයාර් අස්තානා ගුවන් සේවය සතියකට දින 3ක් කසකස්ථානයේ අල්මාආටා සිට කටුනායකට පැමිණෙයි. මේ සඳහා පැය 6යි විනාඩි 20ක පියාසර කාලයක් ගත වේ. මංගල යානයේ පැමිණි ගුවන් මගීන් ගණන 157කි.

(ඡායාරූපය - සුලෝචන ගමගේ)

Comments